ඇල්පිටිය පොලිස් වසමේන් අවාසනාවන්ත සිදුවිමක් වාර්තා වෙලා තිබෙනවා.
සැමියෙකු විසින් ඉකුත් 27 වැනිදා බිරික් සමඟ ඇතිකරගත් ආරවුලකදී නිවෙසේ දොර පොල්ලෙන් ඇයට පහරදී තුවාල සිදුකර ඇති අතර බරපතල තුවාල ලැබූ එම කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිද්ධියෙන් සතියකට පසු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 09 දා ඇය මියගොස් ඇත.
මෙම සිද්ධියෙන් රෝහල්ගතව සිට මරණයට පත්ව තිබුණේ වයස අවුරුදු හතළිස් හයක් වන කාන්තාවක්.
බිරිඳගේ මරණයෙන් පසු සිය සැමියා නිවෙසේ පිටුපස ගසක එල්ලී සිය දිවි නසාගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ අනුරුද්ධගම කරන්දෙනියේ පදිංචි හතළිස් තුන්වෙනි විය පසුවන තැනැත්තෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.


















