මිනුවන්ගොඩ, අලුතෑපොල පොදු ක්‍රීඩාංගණයේ අද (09) දින දහවල් 3:00 ට පමණ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අතරතුරදී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උඩ පන්දුවක් (Catch) රැක ගැනීමට යාමේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු එකට ගැටීම හේතුවෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙසේ මියගොස් ඇත්තේ පලුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි ඉහලගේ ධනුෂ්ක දේවින්ද පෙරේරා යන අයයි.
අනතුරින් පසු ඔහු වහාම මිනුවන්ගොඩ මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, පසුව ඔහු මියගොස් තිබෙනවා.
මේ වනවිට මියගිය පුද්ගලයාගේ දේහය මරණ පරීක්ෂණය සඳහා ගම්පහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, අනෙකුත් ක්‍රීඩකයාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

















