ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද්දේ අයවැයක් නොව “බොරු පච මල්ලක්” බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ජනතාවට දුන් පොරොන්දු සහ අයවැය යෝජනා අතර කිසිදු ගැලපීමක් නොමැති බවද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් දැක්වීම සිදු කළේ සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ, 2026 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කළ බව පැවසුවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ මේ දෙවැනි අයවැය තුළ, ඔහුගේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන ඡන්ද පොරොන්දු සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේදැයි රටේ ජනතාව සොයා බැලිය යුතු බවයි.
වත්මන් රජය ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් බොරුව සමාජගත කරමින් සිටින බවත්, එමඟින් නිරන්තරයෙන්ම රාජ්‍ය බලය දැරීමට අවස්ථාව ලැබෙයි කියා සිතන බවත් සජිත් ප්‍රේමදාස මෙහිදී සඳහන් කළා.
මෙම අයවැය යෝජනාවල රටේ 40% – 50% අතර ඇති දුප්පත්කමට විසඳුම් දීමට වැඩපිළිවෙළක්, දර්ශනයක් හෝ දැක්මක් නොමැති බවත්, 2022 ට පෙර මෙරට ජනතාවට තිබූ ජීවන තත්ත්වය 2019 ජීවන තත්ත්වයටවත් නැවත පැමිණ නොමැති බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.
නව IMF ගිවිසුමකට සූදානම් යැයි ජනතාවට පැවසුවත්, ඇත්ත වශයෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ IMF ගිවිසුමම අනුමත කර ඇති බවදට විපක්ෂ නායකවරයා එහීදී ආණ්ඩුවට චෝදනා එල්ල කරනු ලැබුවා.
රටට අවශ්‍ය සෘජු විදේශ ආයෝජන ගෙන ඒමට රජයට උපක්‍රමයක් හෝ ක්‍රමෝපායක් නොමැති බවත්, ඔවුන් “විසිතුරු වදන් වචන හරඹ” තුළින් චිරාත්කාලයක් රාජ්‍ය බලය දැරීමට අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා.


















