BREAKING NEWS
Search

මට මේ සියලු නීති රීති සහ මිනිසුන් ගැන එපා වෙලා තියෙන්නේ. මුළු ලෝකයම මෝඩයි වගේ – ලොවක් කම්පනයට පත්කළ ඒ සිද්ධියේ වරද පිළිගත් ෆෙබ්‍රියෝ ද සොයිසා වෙනස්ම කතාවක් කියයි..

1087
ඒ සිද්ධිය ඇසූ ඇසූවන්ගේ හද කම්පා කරන පුවතක් බවට පත්වුණා.

එදා කැනඩාවේ ඔටාවා නගරයර සේම ලංකාවේ ජීවත්වූ අපිටද අතිශ්‍යට දුක්බර පුවතක් වූ මේ කාරණය සම්බන්ධයෙන් වරදකරු වූ තරුණයා ගැනයි මේ විශේෂ කතාව.

කැනඩාවේ ඔටාවා නුවරදී පසුගිය වසරේ (2024) සිදුවූ දරුණු පිහි ඇනුමකින් ළමුන් සිව්දෙනෙකු, ඔවුන්ගේ මව සහ පවුලේ සමීප මිතුරෙකු ඇතුළු පුද්ගලයන් සය දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙක් වරද පිළිගෙන තිබෙනවා.

මෙම අතිශයින් කම්පන සහගත සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ෆෙබ්‍රියෝ ද සොයිසා (Febrio De Zoysa) නම් ශ්‍රී ලාංකික තරුණයා, ඔටාවා ශ්‍රේෂ්ඨාධිකරණයේදීයි (Superior Court in Ottawa) වරද පිළිගෙන ඇත්තේ.

ඔහු විසින් වරද පිළිගත් චෝදනා මෙසේය,

පළමු මට්ටමේ මිනීමැරුම් (First-degree murder) චෝදනා 4ක්:

රනායා වික්‍රමසිංහ – අවුරුදු 3යි, අශ්විනි වික්‍රමසිංහ – අවුරුදු 4යි, ඉනුක වික්‍රමසිංහ – අවුරුදු 7යි සහ ගාමිණී අමරකොන් – 40 හැවිරිදි පවුලේ මිතුරෙක්

දෙවන මට්ටමේ මිනීමැරුම් (Second-degree murder) චෝදනා 2ක්:

දර්ශනී එකනායක – 35 හැවිරිදි මව, කෙලී වික්‍රමසිංහ – මාස 2ක් වයසැති බිළිඳිය

එමෙන්ම ඔහුට මිනීමැරීමට තැත් කිරීමේ (Attempted murder) චෝදනාවක් එල්ල වී ඇත්තේ, එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වන අතර, එම ප්‍රහාරයෙන් ඔහු බරපතල තුවාල ලැබුවා.

මෙම ඝාතන සඳහා වන දඬුවම ස්වයංක්‍රීයව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් වන අතර, වසර 25ක් යන තුරු ඔහුට සමාව ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු පරීක්ෂකවරයෙකු සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, වික්‍රමසිංහ පවුල තමාට “කිසිදා අයහපතක් නොකළ” බවයි.

නමුත්, ඔහු සතු වූ මුදල් අවසන් වී ඇති නිසා, ඔහුගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය කල් ඉකුත් වූ පසු ශ්‍රී ලංකාවට ආපසු යාමට තිබූ අකමැති නිසා, සහ තමාගේ ජීවිතය නැති කර ගැනීමට තරම් “දුර්වල” වූ නිසා මෙම ඝාතන සිදු කිරීමට තීරණය කළ බවයි.

ඔහු තවදුරටත් කියා ඇත්තේ, “මට මේ සියලු නීති රීති සහ මිනිසුන් ගැන එපා වෙලා තියෙන්නේ. මුළු ලෝකයම මෝඩයි වගේ” යනුවෙන්.

ඝාතනයට දින පහකට පෙර, එනම් මාර්තු 01 වැනිදා ඔහු මෙම සැලැස්ම සකස් කර ඇති බවත්, ඉන්පසු දින කිහිපයක් නිවසේ නැවතී සිට අත්අඩංගුවට පත්වීමට සැලසුම් කර ඇති බවත්, Crown නීතිඥ ඩලස් මැක් අධිකරණයට දන්වා තිබෙනවා.

එමෙන්ම ඔහු ජනවාරි 31 වැනිදා සෙන්ටිමීටර 38ක පිහියක් අන්තර්ජාලයෙන් ඇණවුම් කර ඇත්තේ, ප්‍රථමයෙන් සියදිවි නසා ගැනීමටයි.

ඔහු පන්තිවලට යාම නවතා දමා, වැඩි කාලයක් වීඩියෝ ක්‍රීඩා කරමින් සහ පිටතින් ආහාර ඇණවුම් කිරීම සඳහා විශාල මුදලක් වියදම් කර ඇති බවත්, ශ්‍රේණි අඩුවීම නිසා ශිෂ්‍ය වීසා බලපත්‍රය අවලංගු වී ඔහුගේ පවුලෙන් ලැබෙන මූල්‍ය ආධාර අහිමි වේ යැයි ඔහු සිතූ බවත්, අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *