BREAKING NEWS
Search

මහරගම අක්කා අත්අඩංගුවට

257

නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙළ සහ කැප්පෙටිපොළ යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය අලෙවි කළ කාන්තාවක් නුවරඑළිය කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන ‘මහරගම අක්කා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවකි.

අදාළ කාන්තාවගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගත් පුද්ගලයන්ගෙන් ලබා ගත් දුරකථන විශ්ලේෂණයකට අනුව හංවැල්ල ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී ඇයව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඇය පදිංචිව සිටි නිවසේ තිබී හෙරොයින් ග්රෑම් 32ක් සහ මත්ද්‍රව්‍ය අලෙවි කර උපයා ගත් බවට සැක කෙරෙන රු.141,000ක මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *