BREAKING NEWS
Search

රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට සුභ ආරංචියක්

643

වසර ගණනාවක සිට රාජ්‍ය සේවයට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී ඇතැයි ජනාධිපතිවරයා පවසයි.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මේ නිසාවෙන් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම හා සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා වන කමිටුව හරහා සිදුකළ විධිමත් අධ්‍යයනයකින් පසුව 75,000කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා සිටිය යුතු තාක්ෂණික නිලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්, ආදායම් නිලධාරීන් වැනි තනතුරු මීට ඇතුළත් වේ.

එසේම, මින් ඉදිරියට රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම්, උසස් කිරීම් ඇතුළු කාර්යයන් දේශපාලන මැදිහත්වීම්වලින් පරිබාහිරව නියමිත විභාග සහ සේවා ව්‍යවස්ථා අනුව පමණක් සිදුකිරීම මඟින් තරුණ තරුණියන්ට සමාන අවස්ථා ලබාදෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *