BREAKING NEWS
Search

සුරා සැලකට මුද්‍රා තබයි – හේතුව මෙන්න

361

පොහොය දිනය දා මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් ජා – ඇල සුරා සැලකට මුද්‍රා තබා තිබේ.

පසුගිය 05 වනදා පොහොය දිනයේ දී සුරාබදු නිලධාරීන් විසින් ජා – ඇල ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි පරීක්ෂණයක දී සිල්ලරට මත්පැන් අලෙවි කරන බලපත්‍ර ස්ථානයක් (සුරාබදු ර.බී. 04) විවෘත කර මත්පැන් විකුණා ඇත.

ඒ අනුව අදාළ සුරාසැල මුද්‍රා තැබීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර, ඊට අදාළ නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.

මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැඩි විමසිල්ලෙන් පසුවන අතර මෙවැනි තොරතුරු පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කරන මෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *