BREAKING NEWS
Search

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

879

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, හෙට (07) පෙරවරු 9.00 සිට එදින රාත්‍රී 9.00 දක්වා පැය 12 ක කාලයක් සඳහා මීගමුව අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බවයි.

මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුව වී ඇත්තේ, පිගමුව ජල සම්පාදන ක්‍රමයේ පිහිටි පෙරියමුල්ල ජල කුළුණෙහි හදිසි නඩත්තු කටයුත්තක් සිදු කිරීම හේතුවෙන්.

ඒ අනුව, පෙරියමුල්ල, ඒත්තුකාල, කුඩාපාඩුව, දළුපොත, කට්ටුව, ලෙවිස් පෙදෙස, සෙල්ලකන්ද පාර සහ වැල්ලවීදිය යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත් හිටවනු ඇති.

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටින අතර, ජල හිඟය අවම කර ගැනීම සඳහා කල්තියා ජලය රැස් කර තබා ගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *