2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය අද (6) අවසන් විය.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය මෙලෙස අවසන් කර ඇත.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි තීන්දුව ලබාදීම පසුවට කල් තැබීය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.


















