BREAKING NEWS
Search

දිය නාමින් සිටි තවත් 19 හැවිරිදි තරුණයෙක් අතුරුදන්

335

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගන්දර පොලිස් වසමේ තලල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයෙකු දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවට ගන්දර පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ (05) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර, එලෙස අතුරුදන්ව ඇත්තේ, අවුරුදු 19ක් වූ රංසෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුදන් වූ තරුණයා තවත් පුද්ගලයින් 05 දෙනෙකු සමඟ වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙලෙස දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අතුරුදන් වූ තරුණයා සොයා හිරිකැටිය පොලිස් ස්ථානයට අනුයුක්ත ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම් දියත් කර තිබේ.

ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *