පාර්ලිමේන්තු මාර්ගයේ දියත උයන ආසන්නයේ ඇති පාලම අසලදී ඊයේ (04) සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50, මිලි ග්‍රෑම් 30ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍ය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රාජ්‍ය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සහ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසිනුයි මෙම ඒකාබද්ධ මෙහෙයුම සිදුකර ඇත්තේ.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකරන ලද කරුණු විමසීමේදී විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් මැද වැලිකඩ පාර, රාජගිරිය ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 39ක්, මුදල් රුපියල් 146,000ක් සහ ජංගම දුරකථන 03ක් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනාගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් පසු බාරුන් තිලකරත්න මාවත, මුල්ලේරියාව ලිපිනයේ දී පිස්තෝල අවියක්, 09mm වර්ගයේ පතුරම් 09ක් සහිත මැගසින් 01ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 35ක් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු යුධ හමුදාවේ වසර 11ක කාලයක් සේවය කර ඉන් ඉවත් කරන ලද පුද්ගලයකු බවත්, චූවා සමන්ත නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලිය සමග සම්බන්ධතා පනත්වන බව සහ එම පාර්ශවය මගින් මත්ද්‍රව්‍ය ලබා ගන්නා බවටයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.
ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ කොට්ඨාශය බස්නාහිර පළාත් දකුණ දිශාව වෙත භාර දී තිබෙනවා.




















