BREAKING NEWS
Search

වෛද්‍ය කාර්යමණ්ඩලය ඇයට හිස නමා ආචාර කරයි.. 17 හැවිදිරි යෞවනියක් ගැන ඇසුණු අනුවේදනීය කතාව මෙන්න..

10132
සෑම දෙයක්ම අවිනිශ්චිත මේ ලෝකේ ජීවිතය කියන්නෙත් තවත් අවිනිශ්චිත එක් නවාතැන්පොළක් විතරයි.

මේ කියන්න යන්නෙත් හදවත් සංවේගයෙන් පුරවන තවත් වෙනස් කතාවක්.

කවුරුත් නොහිතන අවාසනාවන්ත ඉරණමකින් ජීවිතය නිමාකළ 17 හැවිරිදි තරුණියක් වුණු ඇයට අවසන් මොහොතේ හිමිවුණු ගෞරවයක් ගැන මේ කතාව ඇසෙන්නේ චීනයෙන්. මුහුණුපොතේ ඒ ගැන පළවුණු සටහන මෙන්න..

“තවත් ආත්මයක් නොපතන මිනිස්සු
17 හැවිරිදි දියණියක වෙනුවෙන් දොස්තරලා හිස නමයි!
මේක හදවතට දැනෙන ඡායාරූපයක්.
පින්තූරයේ ඉන්නේ චීනයේ රෝහලක වෛද්‍ය කාර්ය මණ්ඩලය. ඔවුන් සියලු දෙනාම එකට එකතු වෙලා හිස නමා ආචාර කරන්නේ ඇඳ මත ඉන්න මේ 17 හැවිරිදි දැරියටයි.
ඇය මිය ගියත්, ඇගේ පවුලේ අය ගත්තු නිවැරදි තීරණය නිසා ඇගේ අවයව කිහිපයක් දානය කරන්න පුළුවන් වුණා. මේ නිසා, තවත් මිනිස් ජීවිත කිහිපයක් බේරගන්නට හැකි වුණා.
වෛද්‍යවරුන් මේ විදියට හිස නමා ආචාර කරන්නේ ඒ තරුණියගේ කැප කිරීමටත්, ඇගේ පවුලේ ත්‍යාගශීලී තීරණයටත් ගෞරවය පල කරන්නයි.
ජීවිතය තෑග්ගක් දෙන ඒ උතුම් තීරණයට මේ වගේ ගෞරවයක් ලැබීම කොච්චර වටිනවද නේ..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *