රාජ්‍ය සේවයට යන්න බලාගෙන ඉන්න ඔබට මෙය තවත් එක් සුබ ආරංචියක් වේවි..
රාජ්‍ය සේවය සඳහා අලුතින් 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතින බවට වාර්තා වෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න විසින් මේ බව පවසා තිබුණා.
එසේම පවතින පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන් 30,000 ක් බඳවාගන්න ප්‍රතිපාදන වෙන් කළ බව අමාත්‍යවරයා පැවසුවා.
එහි එක් පියවරක් ලෙස දීපව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට අපි කටයුතු කරමින් සිටින බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
දිවයින පුවත්පත ඇසුරෙන්..


















