BREAKING NEWS
Search

අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු ව්‍යාපාරිකයා මරුට

296

‍අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04) උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 10.30ට පමණ මෝටර්  රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දා නැමති පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයාට මෙලෙස වෙඩි තබා ඇති බවටයි පොලිසිය සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *