කඩවතින් යන එන අයට පොලිසියෙන් දැනුම් දීමක්

463

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අදියර දෙකක් යටතේ මෙම සීමා කිරීම් සිදුවන බවද පොලිසිය සඳහන් කරයි.

2025.11.01  දින සිට 2026.01.31  දක්වා බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් පාලමක් ඉදිකිරීමට නියමිතව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා ඇතැයි ද ඒ නිසා මාර්ගයේ මං තීරු වසා දැමීමක් සිදුවන බවද පොලිසිය සඳහන් කරයි.

මෙහි පළමු අදියරයේදී කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් මංතීරු දෙකකින් යුත් කොළඹ සිට නුවර දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබයි.

දෙවැනි අදියර යටතේ නුවර දෙස සිට කොළඹ දෙසට පාලම ඉදිකිරීම් සිදු කරන බැවින් එම කාලය තුල මංතීරු දෙකකින් යුත් නුවර සිට කොළඹ දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබයි.

එබැවින් එක් මං තීරුව බැගින් වසා තබන දිශාවට ක්‍රියාත්මක වන බැවින් මෙම සම්පූර්ණ කාලය තුල එම මාර්ගයේ වාහන තදබදයක් ඇති වීමට ඉඩකඩ ඇතැයි පොලිසිය පවසයි.

එහි ඉදිකිරීම් සිදු කරනු ලබන කාලය තුල කොළඹ මහනුවර මාර්ගය භාවිතා කරන රියැදුරන් හැකිතාක් කඩවත පිටත වටරවුම් මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී




Leave a Reply

Your email address will not be published. Required fields are marked *