BREAKING NEWS
Search

සිසුවියකට අහස පොලොව නුහුලන අපරාධයක් කළ නරුම සරසවි ආචාර්යවරයා

462

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු විසින් සිසුවියක්ව බලහත්කාරයෙන් සිය නේවාසිකාගාරයේ රඳවා ගනිමින් අතවර කිරීමක් සිදුකර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන බව අග‍්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ, වයඹ විශ්වවිද්‍යාලයේ කොරියානු රජයේ ආධාර යටතේ ඉදිකිරීම් සිදුකර ඇති තාක්‍ෂණවේදී ජාතික විද්‍යාපීඨය නිල වශයෙන් භාරදීමේ ජාතික උත්සවයට අද (03) සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එමෙන්ම එම පරීක්ෂණ කටයුතු ඉතාම ස්වාධීනව හා අපක්‍ෂපාතීත්වයෙන් යුතුව කමිටුවක් මඟින් ක‍්‍රියාත්මක වන බවත් අග‍්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එහිදී වැඩිදුරටත් පවසා ඇත.

උත්සවයෙන් පසුව අදාළ සිදුවීම පිළිබඳව පැමිණිලි කිරීමට විශ්වවිද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය සභාපතිවරයා ඇතුළු සිසුන් පිරිසක් පැමිණ තිබූ අතර ඉන් දෙදෙනෙකුට අග‍්‍රාමාත්‍යවරිය මුණගැසී අදාළ සිදුවීම පිළිබඳව ලිඛිතව හා වාචිකව දැනුම්දීමට අවස්ථාව හිමිව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *