රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය පුද්ගලයින් පස් දෙනෙකුගේ සැලසුමකට අනුව සිදුකර ඇතැයි දැනට රැඳවුම් භාරයේ සිටින ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පවසා තිබෙනවා.
පසුගිය පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේදී ගනේමුල්ල සංජීව වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.
පසුව වෙඩි තැබීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගත් අතර ඊට අනුබල දුන් ඉෂාරා සෙව්වන්දි ද නේපාලයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම ඝාතනය කෙහෙල්බද්ද පද්මේ විසින් මෙහෙයවා ඇති බවට සියලු තොරතුරු අනාවරණය වී ඇති අතර ඉෂාරා සෙව්වන්දි ද මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, දරූන්, ඉශාරා සෙව්වන්දි සහ වෙඩික්කරු මෙම සැලසුමේ ප්‍රධාන කොටස්කරුවන් වනවා.
එමෙන්ම, ඉෂාරා සෙව්වන්දිගේ මවගේ අවමඟුල වීඩියෝගත කර වට්ස්ඇප් ඔස්සේ යැවූ ඉෂාරාගේ මාමා සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

















