ත්‍රිරෝද රථයක් සේදීම සඳහා බාල්දියක් ගැනීමට සූදානම් වූ තරුණියක් කැලණි ගඟට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය බේරා ගැනීම සඳහා ඇයගේ 25 හැවිරිදි පෙම්වතා ද ගඟට පැන ඇති අතර ඔහු බේරා ගැනීමට ඔවුන් සමග පැමිණි පිරිසට හැකිවුණත් තරුණිය දියේ ගිලී ඇති බව වාර්තා වේ.
නුවරඑළිය, බගවන්තලාවේ තේ කර්මාන්ත ශාලාවක සේවය කරන පස්දෙනෙකු කොළඹ බලා යන අතරතුර අද පස්වරුවේ කොහිලවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථය නවත්වා තිබුණි.
ඒ කැලණි ගඟ අසල වාහන සෝදන ස්ථානයකින් එම රථය සෝදා ගැනීම සඳහාය.
එම අවස්ථාවේ ත්‍රිරෝද රථය සේදීම සඳහා බාල්දියක් ගැනීමට සූදානම්වීමෙන් මෙසේ තරුණිය ගඟට ඇද වැටී ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් තිබුණේ 21 හැවිරිදි තරුණියකි.


















