විටමින් නිධානයකි. ඛනිජ ලවණ ආකාරයකි. අලකොළ වල සැගවුණු විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ මෙන්න

85
මග හැරුණු දිව බොජුන්..”
අලකොළේ සැගවුණු විශ්මිත සෞඛ්ය ප්රතිලාභ.
අපේ රටේ වර්ථමාන වැඩිහිටි පරම්පරාව අතර ජනපරියව පැවතුණු, මැදි වයසේ උදවිය කළාතුරකින් ආහාරයට ගෙන තිබෙන නමුත්, වර්ථමාන තරුණ සහ කුඩා පරම්පරාවේ උදවිය කිසි දිනක ආහාරයට ගෙන නොමැති අභාවයට යන ආහාරයක් ලෙස අලකොළ මාළුව සැලකිය හැකිය. ඇතැම් පරදේශවල “ගහල” සහ “වෙල් අලකොළ” ලෙසින් ද හැදින්වෙන අලකොළ ශාකය ඇරාසියේ (Araceae) පවුලට අයත් වන අතර, “Colocasia esculenta” යන විද්යාත්මක නාමයෙන් හැදින්වෙයි. විශේෂයෙන් දිය සීරාව සහිත ගංගා ඇල දොළ දෙපස වගුරු බිම්වල මෙන්ම කුඹුරුවල ද සුලභව දැකිය හැකි නිවර්තන කලාපීය ශාකයකි. “කළු අලකොළ” සහ “සුදු අලකොළ” ලෙස පරභේද දෙකක් ඇත. ඉංගරීසියෙන් “Taro” යනුවෙන් හැදින්වෙයි. සියලූම කොටස් ආහාරයට ගත හැකි මෙම ශාකයේ නිජ බිම වන්නේ, ගිනිකොනදිග ආසියානු රටවල් සහ දකුණු ඉන්දියානු කළාපයයි. අලකොළ කොළය මෙන්ම අලය ද මානව පරිණාමයේ මුල් අවදියේ සිටම මිනිසුන් ආහාරයට ගෙන තිබෙන බවට ශාක්ෂි තිබෙනවා. ඇත්තෙන්ම අප්රිකානු රටවල් සහ දකුණු ඉන්දියාව වැනි රටවල අපගේ අතීත ඥාතීන් බොහෝ දෙනෙකුගේ ප්රධාන ආහාර ද, මානවයා ආහාර සදහා වගා කරන ලද මුල්ම ශාක වලින් එකක් ලෙස ද අලකොළ සැලකිය හැකිය. නීරෝගී මණුෂ්ය පැවැත්ම උදෙසා අවැසි වන බොහෝ පෝෂ්ය පධාර්ථ මෙන්ම, සුවිශේෂී ඖෂධීය ගුණ සම්භාරයක් සගවා ගත් අරුම පුදුම ආහාරයක් ලෙස අලකොළ සැලකිය හැකිය.
අලකොළ, විටමින් නිධානයක්.
අලකොළ පත්ර යනු දිනපතා ආහාරයට ගත හැකි ඉතාමත් පෝෂණීය ආහාරයක් බවට හදුනා ගෙන තිබෙනවා. මණුෂ්යාගේ නීරෝගී පැවැත්ම උදෙසා අවැසි වන විටමින් වර්ග බොහෝ ප්රමාණයක් අලකොළවල අන්තර්ගත වෙයි. වැඩිහිටි මිනිසෙකුට දිනකට අවශ්යවන විටමින් කේ පරමාණයෙන් සියයට 103 ක් පමණ සැපයීමට අලකොළ ග්රැුම් සියයකට පිළිවන. කේ විටමීනය සහිත ආහාර රුධිරයේ යහපත් පැවැත්මට මෙන්ම, මොළයේ යහපත් කරියාකාරිත්වයට ද වෙසෙසින් අවැසි වන විටමීනයක් වන අතර, ගෝවා පවුලේ එලවළු, නිවිති, පීගුතු, මස්, මාළුවල යහමින් අන්තර්ගත වෙයි. බී කාණ්ඩයේ විටමීන් වන තයමින්, රයිබොෆ්ලැවින්, නියැසින්, ෆෝලේට් සහ පිරඩෝක්සීන් යන විටමීන් වර්ග ද ඉතා ප්රශස්ථ මට්ටමකින් අලකොළවල අඩංගු වෙනවා. මීට අමතරව අලකොළවල විටමින් සී, ඒ සහ ඊ යන විටමින් වර්ග ද සුලභව අඩංගු වෙනවා.
කණිජ ලවන ආකරයක්.
බාල, තරුණ, මහළු කොයි කාගෙත් නීරෝගී සෞඛ්ය තත්ත්වය තහවුරු කිරීමට අවැසි කණිජ ලවන වර්ග බොහෝ ප්රමාණයක් අලකොළවල අඩංගුවන බව සොයා ගෙන තිබෙනවා. යකඩ, කැල්සියම්, පොස්පරස්, සින්ක්, පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස්, සෙලනියම් සහ තඹ ඇතුලූ කණිජ ලවන ලෙසෙියෙන්ම ලබා ගත හැකි ආහාරයක් ලෙස අලකොළ හැදින්විය හැකිය.
හොද ආහාරමය තන්තු යනු ශාක පදනම් කරගත් කාබෝහයිඩ්රේට් සඳහා භාවිතා කරන යෙදුමකි, අනෙක් කාබෝහයිඩ්රේට මෙන් නොව, (සීනි සහ පිෂ්ටය) ආහාරමය තන්තු කුඩා අන්තරය තුළ ජීර්ණය නොවී, මහා අන්තරරය කරා ළඟා වේ. තන්තුවලින් පොහොසත් ආහාර ගැනීමෙන් සුවිශේෂි ප්රතිලාභ රාශියක් අත්වෙයි. ඒවා ආහාර ජීර්ණ පද්ධතියේ යහපත් කරියාකාරිත්වය සදහා වැදගත් වන අතර, නරක කොලස්ටරෝල් සහ සීනි අවශෝෂණය දුර්වල කරයි. තවද ආහාරමය තන්තු අන්තරය තුළ ජීවත් වන වැදගත් හිතකර ක්ෂද්ර ජීවීන් ගේ පැවැත්ම තහවුරු කරන අතර, බර අඩු කර ගැනීම සහ පිළිකා රෝග වලින් වැළකී සිටීම ඇතුලූ සෞඛ්ය පරතිලාභ රාශියක් අත් පත් කර ගැනීම සදහා අප ගන්නා ආහාරයේ තන්තු පැවතීම වැදගත් වේ. අලකොළ ආහාරයට ගැනීමෙන් අපහට අත්වන තවත් ඉතා වැදගත් පෝෂණ පරතිලාභයක් වන්නේ ආහාරමය තන්තු සදහා එය හොද මුලාශරයක් වීම ය. මෙයට අමතරව අල කොළ වෑංජනය හොඳ ප්රෝටීන් මූලාශරයක් ද වෙයි.
හදවත සුරකින විශ්මිත ආහාරයකි.
රුධිර ධාරාව තුළ කොලෙස්ටරෝල් සමුච්චය වීම වළක්වා ගත හැකි හොඳම කරමයක් ලෙස තන්තුවලින් පොහොසත් ආහාර ගැනීම බොහෝ වෛදයවරු නිර්දේශ කරයි. පෙර කී ලෙස, අලකොළ තන්තු සුලභ ආහාරයක් වෙයි. අනෙක් අතට අලකොළවල සුලභව තිබෙන පරතිඔක්ෂිකාරකවල පිහිටෙන් හදවත් රෝග ඇතුලූ බොහෝ බෝ නොවන රෝග පරමාණයකට හේතු වන විනාශකාරී නිදහස් මුක්ථ කණ්ඩකවලින් (Free radicals) ආරක්ෂාව ලබා ගත හැකිය. රුධිර පීඩනය යහපත්ව පවත්වා ගැනීමට පොටෑසියම් අන්තර්ගතය ඉතා වැදගත් වන අතර, අලකොළ වනාහි පොටෑසියම් සදහා ද හොද පරභවයක් වන බැවින්, අධික රුධිර පීඩනය යහපත් ලෙස පවත්වා ගැනීමට ද අලකොළ ආහාරයට ගැනීම වැදගත් වනු ඇත. (කෙසේ වෙතත් පොටෑසියම් අධික ආහාර වකුගඩු ආබාධ සහිත රෝගීන්ට සුදුසු නොවේ.)
හෝමොසිස්ටීන් (Homocysteine) යනු, ඇමයිනෝ අම්ලයක් වන අතර එය මිනිස් සිරුර තුළ නිපදවන ප්රෝටීන වල නිමැවුම් කොටසකි. රුධිරයේ ඉහළ හෝමොසිස්ටීන් මට්ටමක් තිබීම අපගේ ධමනි වලට හානි කළ හැකි අවදානම් සාධකයකි. එය රුධිර කැටි ගැසීම් සදහා හේතු විය හැකිය. රුධිර කැටි ඇති වීම දරුණු පෙනහලූ ආබාධ, හෘදයාබාධය සහ මොළය ආඝාත තත්ත්වයන් ඇති වීමේ අවදානම වැඩි කරයි. හෝමොසිස්ටීන් ඉහළ මට්ටමක පවතින පුද්ගලයින්ට කිරීටක ධමනි රෝග ඇතිවීමේ ඉහළ අවදානමක් තිබෙන බව පැවසෙනවා. අලකොළ ආහාරයට ගැනීමෙන් රුධිරය තුළ හෝමොසිස්ටීන් මට්ටම අඩු කළ හැකි බවට සොයා ගෙන තිබෙනවා. ෆොලේට්, පිරඩොක්සීන් සහ සින්ක් බහුල ආහාර යහමින් ගැනීම ද රුධිරයේ හෝමෝසිස්ටීන් මට්ටම අඩු කර ගැනීමට හේතු වන බව සොයා ගෙන තිබෙන අතර, අලකොළවල එකී පෝෂ්ය පධාර්ථ සුලභව අඩංගු වෙයි.
තිරිහන් වෙන්න, ලස්සන වෙන්න අලකොළ කන්න.
අලකොළවල අපගේ සම ආරක්ෂා කිරීම සදහා වැදගත්වන විටමින් වර්ග දෙකක් වන විටමීන් ඒ සහ විටමින් ඊ යහමින් අඩංගු වෙයි. විශේෂයෙන් අලකොළ වල තිබෙන ඒ විටමින් පරභේධයක් වන ලූටීන් සහ ඒසැන්තීන් (Lutein + zeaxanthin) මගින් හිරු රැුස්වල තිබෙන අහිතකර පාරජම්බුල කිරණවලින් සම ආරක්ෂා කර දෙන බව සොයා ගෙන තිබෙනවා. එමෙන්ම අලකොළ වල තෙරොනීන් (Threonine) නම් ඇමයිනෝ අම්ලය ඉහළ මට්ටමක පවතී. නිරෝගී සමක් පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත්වන ඉලාස්ටින් සහ කොලජන් සෑදීමට මෙම සංයෝගය උපකාරී වේ. මේවාහී යහපත් පැවැත්ම සම පුනර්ජීවනය කිරීමට සහ රැුළි වළක්වා ගැනීම සදහා වෙසෙසින් වැදගත් වෙයි.
මීට අමතරව අලකොළවල සුලභව අන්තර්ගතවන පිරඩොක්සීන් නොහොත් විටමීන් බී 6 මගින් මිනිසුන් වයසට යාමේ කරියාවලිය වේගවත් කරන විනාශකාරී ප්රෝටීන් විශේෂයක් වන ඒ.ජී.ඊ.එස්. (Advanced glycation end products (AGEs) හී කරියාකාරිත්වය නිෂේධනය කරන බව සොයා ගෙන තිබෙනවා. එමෙන්ම මෙහි සුලභ පරතිඔක්ෂිකාරක ශාක රසායනවල දායකත්වය ද සමෙහි නීරෝගී පැවැත්ම සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. මෙකී කාරණා නිසාවෙන් සම රැුලි වැටීමෙන් ආරක්ෂා වී, ලප කැලැල් නොමැති සුන්දර රූසපුවක් ලබා දීමට හේතු වන සුවිශේෂී ආහාරයක් ලෙස අලකොළ සැලකිය හැකිය.
අහිතකර හිරු කිරණින්, පරිගණක සහ ජංගම දුරකථනවලින් ඇස් ආරක්ෂා කරයි.
විටමින් ඒ පරභේධයක් වන, ලූටින් සහ සීඇක්සැන්ටින් වල සුවිශේෂී මෙහෙයක් වන්නේ ඔබේ ඇස් නිදහස් මුක්ථ කණ්ඩකවලින් සිදුවන හානිවලින් ආරක්ෂා කිරීමයි. ඔබේ ඇස් ඔක්සිජන් හා ආලෝකය යන දෙකටම එකවර නිරාවරණය වන අතර, එමඟින් හානිකර නිදහස් මුක්ථ කණ්ඩක නිපදවීම පරවර්ධනය කෙරෙයි. නවතම පර්යේෂණවලට අනුව පරගණක සහ ජංගම දුරකථනවලින් නිකුත් කෙරෙන නිල් ආලෝක කිරණ නිසාවෙන් ද පෙර කී ඇසට හානිකරන කරියාවලිය සිදු වෙයි. ලූටින් සහ සීඇක්සැන්ටින් මෙම නිදහස් මුක්ථ කණ්ඩක නිශේධනය කරයි, එබැවින් ඒවාට තවදුරටත් ඔබේ අක්ෂි ෙසෙලවලට හානි කළ නොහැකි වනු ඇත.
බොහෝ රෝගවලින් ආරක්ෂාකරන පරතිඔක්ෂිකාරක බොහෝ ඇත.
විනාශකාරි නිදහස් මුක්ථ ඛණ්ඩක ශරීරය තුළ වැඩි වැඩියෙන් නිපදවීම, වයසට යෑමට දායක විය හැකි අතර හෘද රෝග, පිළිකා, දෙවන වර්ගයේ දියවැඩියාව සහ ඇල්සයිමර් රෝගය වැනි රෝග වලට ද හේතු වෙයි. විටමින් ඒ පරභේධයන් වන, බීටා කාරොටින්, ලූටින් සහ සීඇසැන්තින් (Lutein + zeaxanthin) විටමින් සී සහ විටමින් ඊ යන විටමින් වර්ග එක් අතකට, විනාශකාරි නිදහස් මුක්ථ ඛණ්ඩකවලින් ඔබේ ශරීරය ආරක්ෂා කර දෙන පරබල පරතිඔක්සිකාරකයෝ ද වෙති. තවද සෙලනියම් කණිජලවනය ද පරතිඔක්ෂිකාරක කරියාකාරිත්වයෙහිලා සුවිශේෂි දායකත්වයක් දරයි. ඔබේ ශරීරයේ තවත් පරධාන පරතිඔක්සිකාරකයක් වන ග්ලූටතයෝන් පරතිචකරීකරණය කිරීමට පවා ඒවා උපකාරී වෙයි. මීට අමතරව, ඒවායේ පරතිඔක්සිකාරක ගුණාංග නිසා ”නරක” එල්ඞීඑල් කොලෙස්ටරෝල් වල බලපෑමෙන් ද ශරීරය ආරක්ෂා කරයි. මෙයට අමතරව විෂබීජ විනාශ කිරීමේ හැකියාවද අලකොළ සතුව පවතින බව සොයා ගෙන තිබෙනවා.
ඇටකටු ශක්තිමත් කරයි.
මැග්නීසියම් මිනිස් සිරුරේ බොහෝ ජෛව රසායනික ක්රියාවලීන් සදහා සම්බන්ධ වේ. ශරීරයේ ප්රෝටීන් සංස්ලේෂණයට උදව් කිරීම, හොඳ පරතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීම, ස්නායු හා මාංශ පේශි කරියාකාරිත්වය පවත්වා ගැනීම, රුධිර ග්ලූකෝස් පාලනය කිරීම, ශක්තිය නිපදවීම සහ රුධිර පීඩනය නියාමනය කිරීම වැනි පරධාන කාර්යයන් සඳහා එය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නීරෝගී අස්ථි පද්ධතියක පැවැත්ම තහවුරු කර දෙන්නට ද මැග්නීසියම් වැදගත් වෙයි. අලකොළ මැගිනීසියම්වලින් ද පොහොසත් ආහාරයක් වන බැවින් විශේෂයෙන් ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පීඩා විදින සහ එම රෝගයෙන් වළකින්නට හිතන උදවියගේ සහනය සදහා අලකොළ වෑංජනය හේතු විය හැකිය.
අලකොළ පරභේධ දෙකම ගුණදායක වුව ද, වැඩියෙන්ම ගුණ කළු අලකොළ නමින් හදුන්වන දම්පාට අලකොළ විශේෂය බව ගැමියන් විශ්වාස කරයි. ”කළුට බඩ ගිනීලූ, කළු අලකොළ ලිපේලූ…” කියා කීවේ ඒ නිසා වෙන්න ඇති. ඒ සදහා විද්යාත්මක හේතුව වන්නේ කළු අලකොළවල දම්පැහැයට හේතු වන ඇන්තොසයනින්(Anthocyanins) නැමති වටිනා පරතිඔක්ෂිකාරකය එහි සුලභ වීමයි. ජපන් ජාතිකයින් අතර ජනපරියව තිබෙන “සුයිකි” (Zuiki) නැමති ආහාරය සකස් කර ගැනීම සදහා භාවිත කරන්නේ කලූ අලකොළ ය.
අහිතකර කිරණ වළක්වන අවු කණ්නාඩි නොපැළද ගිණි මද්දහනේ මහ පොළොව සමග ඔට්ටු වුණු අපේ පැරැුන්නන්ගේ ලස්සනභාවයේ, ශක්තිමත්භාවයේ , දීර්ඝායුෂයේ, රහස් දැන් අපට ටිකින් ටික නිරාවරණය වෙයි. ඒ ඔවුන් මෙම සුවිශේෂී පෝෂ්ය පධාර්ථ සහ ශාක රසායනයන්ගෙන් අතිශයින්ම පොහොසත් ආහාර වර්ග විශාල පරමාණයක් ගිළ දැමූ නිසාවෙනි. සොභාදහමෙන් මිනිසුන් ඈත් කර, සොබාදහමෙහි තිබෙන දේවල්, පෝෂණ ඌණතාවයන්වලට සහ ලෙඩ රෝගවලට විසඳුම් ලෙස පෙති, කරල්, ආහාර අතිරේක, විටමින් සහ කණිජ ලවනවලින් වලින් බල ගැන්වූ ආහාර ද්රව්යය හෝ වෙනත් ස්වරූපයක නිෂ්පාදනයක් ලෙස අපහට ගිල්ලවීම නුතණ ලෝකයේ පැටන් එක ය. එහෙත්, ඇත්ත කතන්දරය වන්නේ මෙකී රෝග වළක්වන ස්වභාවික විටමින් වර්ග වල කෘතරිම මාදිලීන් පමණ ඉක්මවා ලබා ගැනීම බරපතල රෝග ඇති වීමේ අවදානම වැඩි කරන්නට හේතු වන බව මේ වන විට තහවුරු වී තිබීම ය. මේ අනුව ආහාරයක් ආහාරයක් ලෙසින්ම අනුභව කරනු විනා ආහාරයක අන්තර්ගත එක් එක් කොටස් වෙන් වෙන්ව ගිළ දැම්මවීමේ වෙළඳපොළ කරමවේධය සෞඛ්ය ආරක්ෂිත නොවන බව පැහැදිළිය. මෙකී විද්යාත්මක කරුණු කාරණා වලින් යලි යලිත් සනාථ වන්නේ, අහවල් විටමින් වලින් සරු කර ඇතැයි කියන මාගරින්, බිස්කට්, කිරි පිටි, හදවතට හිතකර බටර්, මෙන්ම මොළය වඩවන කිරිපිටි යන ආශ්චර්යවත් වෙළෙඳ පාඨයන් ද අමු කෙප්ප වන බව ය.
උපුටාගැනිමකි
සටහන ගැමුණු සාලිය මහත්මාගෙන්…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *