BREAKING NEWS
Search

නිතර බඩ රිදෙනවා කියූ අවුරුදු 4ක පුතෙක්ගේ ස්කෑන් එකෙන් එලියට ආ හිතාගන්නවත් බැරි දේ

5044
අවුරුදු 4ක පුතෙක්,
නිතර බඩ රිදෙනවා කියනවා.
දවසක් රෑ එක පාරට වමනේ යන්න ගත්ත නිසා රෝහල් ගත වෙලා තියනවා.
බඩ ඉදිමිලා දැනෙන නිසා වාට්ටුව වෛද්යවරු වහාම ස්කෑන් පරීක්ෂණයක් කරන්න යවනවා මේ දරුවාව.
මේ පින්තූර වල සුදු පාට බට බට වගේ පේන්නේ ගනකම මිලිමීටර් 4ක් 5ක් විතර වෙන බඩ පණුවෝ.
Ascaris lumbricoids කියලා ජීව විද්යාත්මක නාමයෙන් හඳුන්වන පණුවෝ තමයි මේ විදියට පේන්නේ. කුඩා බඩ වැල් පුරා මේ වගේ පණුවෝ සිය ගානක් ස්කෑන් එකේදි දකිනවා.
පනු වර්ග ගණනාවක් ඉන්නවා.
Hook worm වර්ගයේ පණුවෝ සාමාන්යයෙන් පොඩි. සෙන්ටිමීටර් එකක් දෙකක් වගේ තමයි එයාලා දිග වෙන්නේ. ඒ උනාට මෙයාලා රෝගියාගේ බඩ වැලේ එල්ලිලා රුධිරය උරා බොනවා. මේකෙන් රෝගියාට රක්ත හීනතාව ඇති වෙනවා දීර්ඝ කාලීනව
Ascaris පණුවෝ පැන්සලක් විතර ලොකු වෙන්න පුළුවන්. 20 – 40cm දිගට 5mm වගේ පළලට හැදෙන මෙයාලා ආහාරයට ගන්නේ බඩ වැලේ තියෙන ජීර්ණය උන ආහාර. රෝගියාට අවශෝෂණය කරන්න තියෙන පෝෂක කොටස් පණුවෝ අනුභව කරන නිසා මේ රෝගීන් ට පෝෂක ඌනතා හට ගන්නවා. පින්තූර වල ඉන්නේ අන්න ඒ ජාතියේ පණුවෝ
Taenia solium හෙවත් පටි පණුවෝ මිටර් 2ක් – 7ක් වගේ විශාල දිගකට වැඩෙන්න පුළුවන්. මෙයාලා උරා ගන්නෙත් ජීර්ණය වූ ආහාර පෝෂක කොටස්.
සමාජයේ බොහෝ දෙනාගේ මතයක් දැන්.ලෝකේ දියුණු වෙලා, දැන් දරුවන්ට පනු අමාරු හැදෙන්නේ නෑ කියලා.
වැලි වල, පස් වල සෙල්ලම් කරනවා නම්, අත් නොසෝදා කෑම කනවා නම්, අමු ආහාර අනුභව කරනවා නම්, දරුවන් ට කොහොමත් මේ පනු අමාරු හැදෙනවා.
ඒ නිසා ඔබගේ පවුලේ වෛද්යවරයා මුන ගැහිලා පවුලටම පනු බෙහෙත් ලබා ගන්න.
කියවලා නොදන්න අයටත් දැන ගන්න share කරන්න..
සටහන Dr.dumiගෙන්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *