BREAKING NEWS
Search

පද්මේගේ ගෝලයන් 3ක් රු කෝටි 3කට අධික බඩුත් සමග මාට්ටු

0

රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වැටලීම සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල හෙවත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මෙම වැටලීම සිදුකර තිබුණි.

ඒ අනුව ඊයේ (30) සවස සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මේ වනවිට අත්අඩංගුවේ පසුවෙන කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයක් තිදෙනෙකුවය.

සැකකරුවන් අවුරුදු 25, 21 සහ 28 යන වයස්වල පසුවෙන වත්තල පල්ලියවත්ත, අවරකොටුව සහ ගලගහදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

වැටලීමේදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 165ක් සොයාගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (31) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *