BREAKING NEWS
Search

කැමතිද දියවැඩියාව නැතුව හැමදාම ඉන්න. එහෙනම් මෙන්න රහස

0

රුධිරයේ සීනී මට්ටම පාලනය කරගන්න දියවැඩියාව ඇති නැති හැමෝම මේ උපදෙස් පිළිපදින්න…

රුධිරයේ සීනී මට්ටම පාලනය කරගන්න දියවැඩියාව ඇති නැති හැමෝම මේ උපදෙස් පිළිපදින්න…
🔴 දවස මුළුල්ලේ ම ශරීරයේ සීනී මට්ටම යහපත්ව තබා ගැනීම සඳහා පානයක්…
• බර්ලි ඇට 50g ක් පමණ තම්බා වතුර බෝතල් 01ක් සකස්කර තිබහ දැනෙන සෑම අවස්ථාවකම පානය කරන්න.
• මෙය ඉන්සියුලින් ලබා ගන්නා රෝගීන් සඳහා ද ඉතා ගුණදායකයි.
🔵 රාත්‍රී ආහාරය සඳහා සාදාගත හැකි විශේෂිත පානයක්…
ගොටුකොළ යුෂ කෝප්ප 1/2 කට කුරක්කන් පිටි 20g – 30g ක්, සුදුළූණු බික් 2 – 3ක්, ගම්මිරිස් ඇට 2 – 3ක් එකතුකර සුප් එකක් ආකාරයට පිළියෙල කර පානය කරන්න.
🔴 අලුයම හිස්බඩට…
• කොහොඹ පත්‍රිකා 7 ක් සහ ගම්මිරිස් ඇට 5 ක් හපා ආහාරයට ගන්න.
• කබලේ බැද කුඩු කරන ලද උළුහාල් තේ හැඳි 01 ක් රාත්‍රියේදී උණු වතුර අඬු කෝප්ප 1/2 කට දමා පසුදා පානය කරන්න.
🔵 දියවැඩියා රෝගීන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතු ආහාර පාන…
• මුදවපු කිරි
• යෝගට්
• මේද රහිත කිරි
• හකුරු, පැණි
• සීනි
• සිරප් වර්ග
• ටින් කිරි වර්ග
• පැණි බීම වර්ග
• ජෑම්
• කේක්
• ටොෆී
• පළතුරු බීම
• අයිස් ක්‍රීම්
• හොඳින්ම ඉදුණු පළතුරු
🔵 දියවැඩියා රෝගියෙකුට යම් ප්‍රමාණයකින් ගත හැකි ආහාර…
• රතු නිවුඩු තම්බපු බත්
• රතු කැකුළු බත්
• කුරක්කන්
• මුං ඇට
• කඩල
• කවුපි
• සහල් පිටි වලින් සැකසූ ආහාර
🔴 හැකි තරම් ගත හැකි ආහාර…
🌿 පලා වර්ග
• තෙඹු
• කෝවක්කා
• මැල්ල
• මුරුංගා කොළ
• ගොටුකොළ
• සාරණ
• කංකුං
• රතුළූණු කොළ
• කොහිල දළු
• වට්ටක්කා දළු
• කැබැල්ල දළු
• වැල් පෙනෙල
• නිවිති
• ඇඹරැල්ලා දළු
• අගුණකොළ
ආදී පලා වර්ග…
🥕 එලවළු වර්ග
• මුරුංගා
• බණඩක්කා
• කරවිල
• වැටකොළු
• දඹල
• ගෝවා
• බෝංචි
• මෑ කරල්
• නෙළුම් අල
• පොලොස්
• අළු කෙසෙල් ගෙඩි සහ කෙසෙල් ලෙලි
• කෙසෙල් මුව
• පතෝල
• කැකිරි
• ඇඹරැල්ලා
ආදී එළවළු වර්ග…
🍌 පලතුරු වර්ග
• මද වශයෙන් ඉදුණු ඇඹුල් කෙසෙල්
• නෙල්ලි
• ලොවි
• උගුරැස්ස
• කාමරංගා
• මාදං
• කජු පුහුලං
• පිනි ජම්බු
• ජම්බු
• ඇඹරැල්ලා
ආදී පලතුරු වර්ග…
☕ සුදුසු පාන වර්ග
• බෙලි මල්
• බෙලි කටු
• රණවරා මල්
• ඉරමුසු මුල්
• දැල් බටු (පඩ වැල්) තැම්බූ වතුර
• කොළ කැඳ
ආදී පාන වර්ග…
🔴 ප්‍රධාන අහාර වේල්
සමස්තයක් ලෙස දියවැඩියා රෝගියෙකුට දිනකට බත් අහාරයට ගන්නේ නම් අඬු කෝප්ප 03 ක් නිර්දේෂ කරයි. එය වේල් 03 සඳහා අනුපාතිකව බෙදා ගත හැකියි.
උදා :- උදයට අඬු කෝප්ප 1,1/2 ක්, දහවලට අඬු කෝප්ප 01 ක්, රාත්‍රියට අඬු කෝප්ප 1/2 ක් ලෙස සුදුසු එලවළු සමඟ
⭕ උදයට ධාන්‍ය වර්ගයක් ගනී නම් එය ආසන්නව බත් අඩූ කෝප්පයකට සමානව මිනුම් කල හැකියි.
🔵 රාත්‍රී අහාරය සඳහා
🔶. ශක්ති ජනක අගය ඉතා අඩු ආහාරයක් විය යුතුමයි (low calorie diet). එලෙසම නින්දට පැය දෙකකටවත් පෙර ආහාර ගත යුතුයි.
🔶. තැම්බූ එලවළු පමණක් හෝ අවශ්‍ය නම් තැම්බූ මාළු කැබැල්ලක්/එළවළු සුප් හා තැම්බූ මාළුකැබැල්ලක්.
🔶. ඉහත පරිදි බත් අඩුකෝප්ප එකක් පමන සමග එලවලු සහ සලාදයක්.
⭕ විශේෂිත කරුණු
01). රට කජු ආහාරයට ගන්නේ නම් දිනකට උපරිම ඇට 15 ක් පමණ.
02). පාන් සහ පාන්පිටි කෑම පමණක් කිසිම විටෙක ප්‍රධාන ආහාර වේලකට ගැනීමෙන් වළකින්න.
උදා- රොටී, කොත්තු , ඉඳි ආප්ප, බනිස්, නුඩ්ල්ස්…
03). එළවළු තැම්බිමේදී කැරට්, බීට්, අර්තාපල් හැර අන් සියලු දෑ තේරීමකින් තොරව තම්බා ගන්න.
04). සම්බා සහල් භාවිතය හැකිතාක් අඩුකරන්න. නැතහොත් නතර කරන්න.
05). රටඉඳි හා හකුරු සමඟ තේ පානය නතර කරන්න.
06). මදක් ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක්, මධ්‍යම ප්‍රමාණයේ ගස්ලබු කැබැල්ලක් සහ ඉහත සඳහන් පලතුරු වඩා සුදුසුයි.
🔴 ශාරිරික ව්‍යායාම
දිනපතා අවම ලෙස මිනිත්තු 40ක් ඇවිදින්න. නැතහොත් පිහිනන්න.
ඉහත ආකාරයට අහාර පාලනයකින් යුතුව ගැනීමෙන් සහ උපදෙස් පිළිපැදීමෙන් දියවැඩියා රෝගියෙකුට තම රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වන අතර නිරෝගී අයෙකුට දියවැඩියාව වළක්වා ගැනීමටද උපකාරී වේ.
👦 සටහන :- වෛද්‍ය ප්‍රසාද් විජේසේකර මහතා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *