අයිශ්වර්යාට තිබුණෙ දිව්යමය සුන්දරත්වයක්. නමුත් ඒ රාත්රියේ මම මගේ උපරිමය කරා. ඒ වගේම අනිත් හැමෝටම වඩා එදා මගේ වාසනාව වැඩ කරා. ඒ නිසයි මම ජයග්රහණය කරේ”
සුශ්මිතා සෙන් එහෙම ප්රකාශ කරේ 1994 පැවැත්වුනු මිස් ඉන්ඩියා තරඟය ගැන අදහස් දක්වන අතරතුරකදි.
සුශ්මිතා සෙන් සහ අයිශ්වර්යා රායි කියන්නෙ ඉන්දියාවෙන් බිහිවුන විශ්ව රූ රැජිනක් සහ ලෝක රූ රැජිණක්. ඒ දෙදෙනාම අද ඉන්දියාවේ සාර්ථක රංගන ශිල්පිනියන් දෙදෙනෙකු වුවත් 1994 වර්ශයේ පැවති මිස් ඉන්ඩියා කිරුළ සදහා ඔවුන් දෙදෙනා එකිනෙකා සමඟ තරඟ වැදුනා.
අයිශ්වර්යා රායි කියන්නේ ඒ වන විටත් ඉන්දියාවේ ප්රසිද්ධ නිරූපන ශිල්පිනියක්. ඉතින් බොහෝ දෙනා අනුමාන කරේ අයිශ්වර්යා නිතරඟයෙන්ම මෙය ජයග්රහණය කරාවි කියලා. නමුත් අයිශ්වර්යාට දෙවන ස්ථානයෙන් පමණක් සෑහීමකට පත්වෙන්න සිදු වූ අතර එවර මිස් ඉන්ඩියා කිරුළ හිමි කරගත්තෙ එවකට 18 හැවිරිදි වියේ පසු වූ සුශ්මිතා සෙන්.
මේ ඇය අයිශ්වර්යා රායි සහ එම තරඟය පිලිබඳ සිය මතකය අවදි කල අයුරුයි…
“මම අයිශ්වර්යා තරඟකරන බව මම දැනගත්තෙ එතෙන්ට ගියාට පස්සෙ. මට හිතාගන්න බැරි වුනා. මම ඇයව දැන සිටියේ පෙප්සි වෙළදදැන්වීමේ සංජු විදිහට. මේ වගේ දිව්යමය සුන්දරත්වයක් සමඟ මම කොහොම තරඟ කරන්නද කියලයි මම හිතුවෙ. ඇයව ලෝකයම දන්නවා. මාව කවුරුත් දන්නෙ නෑ. අවසානෙ මම තීරනේ කරා මේ වසරේ තරඟයෙන් ඉවත් වෙලා ලබන වසරේ හෝ ඊට පසු වසරක නැවත අයදුම්පත් දානවා කියලා. ඒත් මගේ අම්මා ඊට විරුද්ධ වුනා. ඇය මගෙන් ඇහුවා “ඔයා තරඟයටත් කලින්ම පරාජය බාරගන්නවද ” කියලා. ඊට පස්සෙයි මම තීරණය කරේ දිනන්න හරි පරදින්න හරි තරඟ කරලා බලනවා කියලා
අයිශ්ට සහ මට හොඳ මිතුරියන් වෙන්නවත් හතුරන් වෙන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ. වැඩි සම්බන්ධයක් නැති දුරින් යාලුවො වෙන දෙන්නෙක් හැසිරෙන විදිහටයි අපි හැසිරුනේ. අපිට කරන්න සෑහෙන දේවල් තිබ්බා. ඒ හැම දේකින්ම අපේ උපරිමය කරන්න අපි දෙන්නම මහන්සි වුනා.
මම කවදාවත් මාව අයිශ්වර්යා සමඟ සංසන්ධනය කරේ නෑ. ඇගේ හැකියාවන් විස්මජනකයි. ඒ රාත්රියේ මගේ ජයග්රහණය තීරණය වුනේ මම ඇයට වඩා හොඳ වූ නිසා නෙමෙයි, මම මගේ උපරිමය කළ නිසා.
ඒ වගේම එදා අනිත් හැමෝටම වඩා මම වාසනාවන්ත වුනා. එදා රෑ වාසනා චක්රය හරියටම මගේ පැත්තට කැරකුණා.
තරඟය සඳහා ඇදුම් කට්ටල 4ක් ඕන වුනා.. ඩිසයිනර් වෙයාස් ගන්න තරම් අපිට සල්ලි තිබුනෙ නෑ. අපි මධ්යම පාන්තික පවුලක්. අපේ සීමාවන් අපි දැනගෙන හිටියා. ඒත් මගේ අම්මා හැම තිස්සෙම වගේ මගේ පැත්තෙ හිටියා. ඇය කීවා
” ඉතින් මොකද, මිනිස්සු එන්නෙ ඔයාව බලන්න මිසක් ඔයාගෙ ඇදුම් බලන්න නෙමෙයිනෙ” කියලා.
එයින් මට ශක්තිය ලැබුනා. ඉතින් අපි ආරම්භ කරා..
මුලින්ම අපි සරෝජිනී නගර් මාකට් එකෙන් අපිට ඕන කරන රෙදි මිලදී ගත්තා. අපේ ගෙවල් ලඟ ගරාජ් එකක පෙටිකෝට් මහන මනුස්සයෙක් හිටියා. අපි එයාට රෙදි ටික දීලා කීවා ” මේක ටීවි එකේ පෙන්නනවා. ඒ නිසා ලස්සනට මහන්න කියලා” ඉතින් ඒ රෙදි වලින් ඔහු මගේ ජයග්රාහී ගවුම මැහුවා. ඉතිරි වෙච්ච රෙදි කෑලි වලින් මගේ අම්මා රෝස මල් හදලා ගවුමට ඇමිණුවා. ඊට පස්සේ අපි අලුත් කලු මේස් ජෝඩුවක් අරගෙන ඒක කපලා ඉලාස්ටික් එකක් දැම්මා. ඒ මේස් දෙක තමයි මම එදා ග්ලවුස් දෙකක් විදිහට අත් දෙකට දැම්මේ.
ඒ ගවුමෙන් මම මිස් ඉන්ඩියා දිනපු දවස මට ගොඩක් විශේෂ වෙන්නේ මේ නිසයි. එදා මම තේරුම්ගත්තා මනුස්සයෙක්ට මොනවා හරි දෙයක් ඕන නම්, ඒ කෙනා එය ලබා ගන්න හදවතින්ම කැපවෙනවා නම් සල්ලි කියන්නෙ එච්චර දෙයක් නෙමෙයි කියලා… “
ඉතින් හිතවතුනි, බැරි වෙලාවත් ඇය මව කී දේ නොඅසා ඇගේ සිතුවිලි වලට ඉඩදී මිස් ඉන්ඩියා සඳහා තරඟ නොකරම ඇගේ අයදුම්පත ඉවත් කර ගත්තා නම් ඇගේ අනාගතය කෙතරම් වෙනස් වන්නට තිබුනාද? මිස් ඉන්ඩියා ජයග්රහණයෙන් පසුව මිස් යුනිවර්ස් තරඟය සඳහා ඉන්දියාව නියෝජනය කර මිස් යුනිවර්ස් කිරුලත් ජයග්රහණය කරා. ඉන්දියාව මිස් යුනිවර්ස් ජයග්රහණය කළ පළමු අවස්ථාව එයයි. ඉතින් ඇගේ ජයග්රහණය ඉතිහාසගත ජයග්රහණයක්. ඇයගෙන් අපට ගත හැකි පාඩම නම් ඔබ ඔබම වෙන්න. කිසි විටෙක අන් අය සමඟ ඔබව සන්සන්ධනය කරන්න එපා. ඔබේ ලොකුම තරඟකරුවා ඔබ වෙන්න.
උපුටාගැනිමකි
-විශ්-



















