BREAKING NEWS
Search

ගොවියා රකින්න ආ ආණ්ඩුව දැන් ලොකු ලූනු මනිනවා

0

ගොවියා රකිනවා කියූ වත්මන් රජය අද ගෝඨාභය මඟ අනුව යමින් ලොකු ලූණු මනින්නත් පටන් අරන් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දිගින් දිගටම ලොකු ලූනු ගොවියා මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන වත්මන් රජයට කරුණු ඉදිරිපත් කළත් අද වන විට කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරව ලොකු ලූණු මිල දී ගැනීමට රජය අමුතුම කොන්දේසි පනවා ඇති බව විපක්ෂ නායකවරයා කීය.

රජය මිලදී ගන්නා ලොකු ලූනු කිලෝවකට ගෙඩි 8ක් තිබිය යුතු යැයි අනිවාර්ය කර ඇති බව කී විපක්ෂ නායකවරයා එම එක් ගෙඩියක් ග්‍රෑම් 125ක් ලෙස සහ ලොකු ලූනු ගෙඩියක විශ්කම්භයත් රජය කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

රජය ඉදිරිපත් කර ඇති මේ කොන්දේසි දකින විට මතක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව මිල නියම කළ ආකාරය බව විපක්ෂ නායකවරයා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ වත්මන් රජය විසින් ලොකු ලූනු මිල දී ගැනීමේ දී දමා ඇති කොන්දේසි සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමිනි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *