BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය කලබන ගුවන් යානයේ කලබලයක් නිර්මාණයක් කළ තරුණයෙකු ගැන ඇසෙන කතාවක් මෙන්න..

0
සමාජමාධ්‍ය ඔස්සේ දැඩිව සංසරණය වෙන තවත් එක් සිද්ධියක් ගැන ඔබේ අවධානය මේ වනවිටත් යොමුවෙලා ඇති.

ඔහු මෙලෙස යානය තුළ හැසිරුණේ ඇයි..?

කලහකාරීව හැසිරුණු තවත් එක් ගුවන් මගියෙක් ගැන මේ නම් ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්.

රියාද් සිට කොළඹ බලා පැමිණි UL266 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකදී, ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට පහර දුන් බව කියන සෞදි අරාබි ජාතික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශන අනුව, යානය ගොඩබැස්සවීමෙන් පසුවයි සැකකාර 28 හැවිරිදි සෞදි අරාබි ජාතික තරුණය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ගොඩබැස්සවීමට සූදානම් වෙමින් තිබූ අවස්ථාවේදී, සියලු මගීන් ආසන පටි පැළඳ අසුන් ගෙන සිටීම අනිවාර්යවන ආරක්ෂක රෙගුලාසි කඩ කරමින් සැකකරු වැසිකිළිය වෙත යාමට උත්සාහ කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙම අවස්ථාවේදී ගුවන් කාර්ය මණ්ඩලය මැදිහත් වී ඇති අතර, එහිදී මගියා ආක්‍රමණශීලී වී ඔවුන් සමග ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

මෙම ගැටුම වෙනත් මගීන් විසින් සිය ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර ඇති අතර, එම වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

ගුවන් තොටුපළ පොලිසිය තහවුරු කළේ, අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *