BREAKING NEWS
Search

ගල්කිස්ස අධිකරණයෙන් හමු වූ ගිනිඅවිය ගැන කරුණු හෙළිවෙයි

215

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියෙන් අද (29) පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමුවීම ගැන කරුණු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බන්ධනාගාර රැඳවියෙකු බව සඳහන්.

ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීම මත ප්‍රජා විශෝධන කාර්යයන් සඳහා අද (29) දින ගල්කිස්ස අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීම සඳහා රැඳවියන් තිදෙනෙකු පැමිණ තිබේ.

ඉන් එක් රැඳවියකු අධිකරණයේ නඩු භාණ්ඩ රඳවා ඇති ගබඩාව පිරිසිදු කිරීමේදී 9mm වර්ගයේ උණ්ඩ රහිත ගිනිඅවියක් රැගෙන බන්ධනාගාර බස් රථයට ගොඩ වී ඇත.

අනතුරුව බන්ධනාගාර බස් රථය නැවත බන්ධනාගාරය වෙත යාමට අධිකරණ භූමියෙන් පිටත්ව ගොස් තිබේ.

එහිදී නඩු කටයුත්තක් සඳහා අද ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බන්ධනාගාර
රැඳවියකුගේ පිටුපස අසුනේ පිස්තෝලය සොරාගත් රැඳවියා ඉඳගෙන ඇත.

එහිදී අදාළ රැඳවියා සතුව යම් පාර්සලයක් තිබෙන බව බන්ධනාගාර බස් රථයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දැක තිබේ.

ඒ අනුව සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ ගිනිඅවිය හමුව ඇත.

ඉන් අනතුරුව බන්ධනාගාර බස් රථය නැවත  අධිකරණය වෙත පැමිණ, අධිකරණයේ පොලිස් නිලධාරීන්ව දැනුම්වත් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *