කඩෙන් ගෙනාපු පොල්තෙල් රත් කරනකොට පෙන එනවාද, දුම් පිට වෙනවාද.
මෙහෙම වෙන්න හේතු කීපයක් තියෙනවා.
01. තෙල්වලට වතුර එකතු වුනාම. වතුර රත් වෙනකොට බුබුළු දැමීම සහ ජල වාෂ්ප පිට වීම සිදු වෙනවා.
02. පොල් තෙල් වලට විවිධ අපද්රව්ය එකතු වීම. විශේෂයෙන් කලින් වතාවක බඳින ලද ආහාරවල තිබෙන ආහාරමය අංශු කොටස් තිබීම. ඒ කියන්නේ කීප වාරයක් භාවිත කරල ඉවත් කරපු කුකින් ඔයිල් (බොහෝ දුරට රෙස්ටොරන්ට් වලින් ඉවත් කරපු පාම් ඔයිල් ) නැවත සකස් කරල, බ්ලීච් කරල (විවර්ණ) හොඳ තෙල්වලට කවළම් කර හෝ කෙලින්ම හොඳ තෙල් ලෙස අළෙවි කරනු ලබන බාල තෙල් වර්ගයක් විය හැකිය.
03. කුකින් ඔයිල් කලින් වතාවන් කීපයකදී ආහාර බැදීමට භාවිත කළාම අධික උෂ්ණත්වය නිසා තෙල්වල මේද අම්ල සංයුතය සහ ව්යහයන් වෙනස් වෙනවා. ඔක්සිකරණය වෙනවා. විෂ සංගටක හැදෙනවා. බැඳල ඉවත් කරන තෙල් එකතු කරගෙන යන අය ඉන්නවා. එහෙම අරන් ගිහින් ඒවා නැවත අලෙවිය සඳහා සකස් කරන ශූක්ෂම ජාවාරමකුත් තිබෙන බව දැන ගන්නට තිබෙනවා. ඒ විදියට රෙස්ටොරන්ට් වලින් අයින් කරනතෙල් අපිරිසිඳු භාජනවල සනීපාරක්ෂාවට අහිතකර විදියට තමයි ගබඩා කරල තියෙන්නේ . එහෙම වාතයට නිරාවරණය කරල තියෙන වැඩි වාර සංඛ්යාවක් බඳින ලද ඉවත් කළ යුතු තෙල්වල එසේ ගබඩා කර තැබීම නිසාත් නැවත නැවත ඔක්සිකරණය සිද්ද වෙලා තව දුරටත් විස සංගටක හැදෙනවා. එහෙම ඔක්ෂිකරණය වෙච්චි, මේද අම්ල වෙනස් වෙච්චි තෙල් තෙල් නැවත රත් කරනකොට අඩු උෂ්ණත්වයකදී බුබුළු දැමීම, සහ දුම පිටවීම සිදු වෙනවා.
කොහොම උනත් මේ කිවුල ලක්ෂණ තියෙන කුකිං ඔයිල් ඉතාමත් සෞඛ්යයට අහිකරයි. ඒවායේ ට්රාන්ස් මේදය, ඇක්රිල් ඒමයිඩ, ඇරෝමැටික් හයිඩ්රෝකාබන, ඔක්සිකරණය වෙච්චි මේද අම්ල, ෆ්රී රැඩිකල්ස් (මුක්ත ඛණ්ඩක) වගේ හෘද රෝග , පිලිකා, වකුගඩු රෝග, ඇල්ෂයිමර් වගේ ස්නායූ ආබාධ වලට හේතුවන විස සංගටක අඩංගු වෙනවා.
එවැනි තෙල් පහන් පත්තු කරන්න විනා ශරීරයේ මතුපිට ගැල්වීමට, ස්පර්ශ කිරීමවත්, කොටින්ම එවැනි තෙල් රත් කරනකොට නිකුත්වන සුදු දුම ආශ්වාස කිරීමද අනතුරුදායකයි.
සටහන : ගැමුණු සාලිය පෙරේරා




















