BREAKING NEWS
Search

ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්…

747

ඉන්දුනීසියාවේ BANDA මුහුදු කලාපයේ, ඊයේ ප්‍රබල භූ කම්පාවක් ඇති වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.4ක් ලෙස සටහන් වූ බවයි.

එහි ගැඹුර කිලෝමීටර් 144 (සැතපුම් 89) ක් ලෙස දක්වා තිබෙනවා.

මෙම භූ කම්පනයත් සමග පුද්ගලයන් 51,000 කට පමණ දුර්වල කම්පනයක් (Weak shaking) ද, පුද්ගලයින් 93,000 කට පමණ මධ්‍යස්ථ කම්පනයක් (Light shaking) ද දැනෙන්නට ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *