BREAKING NEWS
Search

ත්‍රීරෝද රථ 2ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් – ගැබිනි මවක් ඇතුළු හතරකට බරපතල තුවාල…

226

මේ බිහිසුණු අනතුරක් ගැන ඇහෙන කතාවක්.

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ ගාල්ලේ වංගුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ දී ත්‍රීරෝද රථ දෙකෙහි කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් සිව්දෙනාම අනතුරින් බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කෙරුණා.

අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා ඔහුන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර ගැබිනි මවක් ද සිටින අතර මෙසේ අනතුරට ලක් වී ඇත්තේ තිස්සමහාරාමය සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනකු බව සදහන්.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසියෙන් විමර්ශන සිදුවෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *