තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනෙකු ආපසු ගෙන්වා ගැනීමට එරට රජයේ අවධානය යොමුව තිබේ.
තායිලන්ත රජය උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ඔක්තෝබර් මස 28 වන දින ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.
ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන අයහපත් සැලකිල්ල හේතුවෙන් තායිලන්ත රජය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
මේ පිළිබද අදහස් දක්වමින් රෙයාර් ශ්‍රීලංකා සංවිධානයේ සභාපති පංචාලි පනාපිටිය මෙසේ තම අදහස් දක්වා තිබෙනවා
තායිරාජා දැන් විශ්‍රාම ලැබිය යුතු වයසක ඉන්නේ.
අපි සතුන්ට ආදරේ කරන පිරිසක් විදිහට පෙරහැරේ සතුන් ගෙනයන සංස්කෘතිය වෙනස් කරලා අලි වෙනුවට යන්ත්‍රානුසාරයෙන් රොබෝ අලි පාවිච්චි කරන්න

















