සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්න මහත්මිය විවාහ වී ඇති බවට මෑතකදී පැතිර ගිය කතාබහ ඔවුන් දෙදෙනා විසින්ම තහවුරු කර තිබේ. පසුගිය කාලය පුරාම මෙම කලා ශිල්පීන් දෙදෙනා ප්‍රසිද්ධ අවස්ථාවන්හි නිතර එකට පෙනී සිටීම හේතුවෙන් ඔවුන් අතර පෙම් සබඳතාවක් ඇති බවට කසුකුසුවක් පැවතියද, බහුතරයක් දෙනා ඔවුන් විවාහ වී සිටි බව දැන සිටියේ නැත.
සිය නව ජීවිතය පිළිබඳව අදහස් දැක්වූ ජානකී විජේරත්න මහත්මිය සඳහන් කළේ, “අපි දෙන්නා නීතියෙන් විවාහ වෙලා ඉන්නෙ. කිසිම කෙනෙකුට කරදරයක් නොවී අපි දෙන්නා සතුටින් ඉන්නවා. මං හිතන්නෙ නෑ, අපි විවාහ වෙච්ච එකෙන් කාටවත් අසාධාරණයක් කරදරයක් වුණා කියලා,” යනුවෙනි.
එම හැඟීම මත ඉතා ඉක්මන් තීරණයක් ගත් බව සනත් ගුණතිලක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එය හුදෙක් ආශ්‍රයක් ලෙස පවත්වාගෙන ගියේ නම්, එය ජානකී විජේරත්න මහත්මියට අගතියක් හෝ කටකතාවක් බවට පත්වීමට ඉඩ තිබූ බවයි. තමාට ඇය ගැනත්, ඇයට තමා ගැනත් දැනුණු දේ සමීප සබඳතාවක් දක්වා වර්ධනය වී, එය විවාහයකින් කෙළවර වීමට තරම් සුදුසු යැයි දෙදෙනාම තීරණය කළ බව ඔහු සඳහන් කළේය.
සනත් ගුණතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේ, තම ජීවිතයේ පෙර පැවති සබඳතා කිසිවකට හෝ ඊට සම්බන්ධ වූ පාර්ශ්වයන්ට තමා කිසිවිටෙකත් අපහාස කර හෝ හෙළා දැක කතා කර නොමැති බවයි. ඇතැමුන් අවලාද නැගුවද, තමා ගත් තීරණය පිළිබඳව ඇතැමුන් තුළ විශ්මයක් පැවතිය හැකි බවත්,
සිය රජකාරී කටයුතු සඳහා ජානකී මහත්මියගෙන් විශාල රුකුලක් ලැබෙන බවත් එය ආශිර්වාදයක් ලෙස දකින බවත් ඔහු පැවසීය.
“අපි දෙන්නට අපි දෙන්නා හරි නම් ඒ ඇති,” යනුවෙන්ද සනත් ගුණතිලක මහතා සිය අදහස් දැක්වීම අතරතුර කියා සිටියේය.
සනත් ගුණතිලක 69 වියේ පසුවන අතර ජානකීගේ වයස ප්‍රසිද්ධ කර නැතත් ඇගේ පළමු විවාහයේ දරුවාට වයස 5 කි.
Gossip Lanka News



















