BREAKING NEWS
Search

නැවත මෙවැනි දෙයක් සිදුවුවහොත්, අවෛරයෙන් වෛරය සංසිඳෙන්නේද නැත – සත්‍ය විකෘති කළ වීඩියෝව අවසානයේ සමාජ මාධ්‍යයෙන් ඉවත් වෙයි..

2338

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ධනංජය සිරිවර්ධන කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පියෙක්.
ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් පසුගිය දවස්වල අහන්න ලැබුණු සිද්ධියක් හා සම්බන්ධව ගොඩනැගුණු කතාවක් ගැන බොහෝ දෙනා කතා වුණා.

වගකීම් විරහිත සමාජමාධ්‍ය හසුරවන්නන් විසින් නිර්මාණය කළ මේ වීඩියෝවය බොහෝ දෙනාගෙන් එල්ල වුණේ අයහපත් ප්‍රතිචාරයි. ඉතින් එවන් පසුබිමක මේ වීඩියෝව අදාල පිරිස් විසින් ඉවත්කර තිබුණා.

ඔන්න ඉතින් ඒ වෙනුවෙන් කතා කළ සැමට ස්තූතිවන්ත වෙන ගමන්, එවැනි සිදුවීම් නිසා අපහසුතාවය පත්වන පිරිස් වෙත නැවතත් මේවගේ අත්දැකීමකට මුහුණදෙන්නේ නොදෙන්නට වග බලාගන්න පුළුවන් නම් ඇත්තටම ඒක වටිනවා.

ඒ ඇසුණු කතා කොහොම වුණත්, ධනංජය මේ සිද්ධිය ගැනත් ඔහුගේ මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණෙත් නැහැ.

“විකෘති වීඩියෝව ඉවත් කිරීමට සහයෝගය දුන් ඔබ හැමෝටම ගොඩාක් ස්තූතියි..
එය ඉවත් කල අයටද , ඉවත් කිරීමට සිදුවූ අයටද ස්තූතියි..
මා හට පමණක් නොව කිසිවකුට අපහස වන අයුරින් කටයුතු නොකිරීමට අප වග බලා ගමු.
අප හැම දෙනාටම තම පෞද්ගලිකත්වය හා සතුට රැකගෙන ජීවත්වීමේ අයිතියය ඇත.
අපි අලුතෙන් පටන් ගමු.
වෛරයෙන් වෛරය නොසන්සිඳේ..
නමුත් , නැවත මෙවැනි දෙයක් සිදුවුවහොත්,
අවෛරයෙන් වෛරය සංසිඳෙන්නේද නැත..
ස්තූතියි …”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *