BREAKING NEWS
Search

ඔහු මේ ගැන දැනගෙන සිටියාද ? ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ  සභාපති ලසන්ත ලියූ ලිපියක් හමු වෙයි.

4884

තමන්ට විවිධ පාතාල කණ්ඩායම් වලින් ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස  පවසා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් අද(22) මියගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ  සභාපති ලසන්ත වික්‍රමසේකර  මහතා ඉකුත් අගෝස්තු මස 29, වෙනිදින  පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි  වාර්තාවේ.

එම ලිපියේ මෙලෙස සඳහන්ය.

මාගේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙනි,

මා වර්ෂ 2025 පළාත් පාලන මැතිවරණයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභිකයකු ලෙස පත්වී මේ වනවිට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් එම ධුරයේ කටයුතු කරන බවට සැල කර සිටිමි. නමුත් මා හට විවිධ පාර්ශ්වයන්ගෙන් තර්ජන එල්ල වූ අතර එම කාලයේ දී සභාපතිවරයා වශයෙන් දිවුරුම් දීමට ද අවස්ථාව නොදෙන බවට මා හට තර්ජනන එල්ල විය.

මීට අමතරව විවිධ පාර්ශ්ව විසින් මේ වනවිටත් සමාජ මාධ්‍ය ජාලා හරහා මාහට තර්ජන එල්ල කරනු ලබන බවට ප්‍රකාශ කර සිටිමි. ඒ සම්බන්ධයෙන් වතාවන් ගණනාවක් මා පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කළ බවට කියා සිටිමි. එම තර්ජනයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට පොලිසිය විසින් මා හට දැනුම් දුනි.

මා අධිකරණයට පැමිණෙන අවස්ථාවක දී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බව මා හට විශ්වාසයක් පවතින බව සැලකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ල කර ඇත.

ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැලකර සිටිමි.

 

ලංකාදීප

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *