BREAKING NEWS
Search

පාසල් සිසුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

725

බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර – හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරුපැදියක් හොරණ දෙසට ධාවනය වූ බස් රථයක ගැටී මාරක අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 17ක් වූ යටියන, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර ඊයේ (22) සවස් කාලයේ පොළොන්නරුව පොලිස් වසමේ හතමුණ හන්දිය හිඟුරක්කගොඩ මාර්ගයේ කිලෝමිටර් 02 කණුව ආසන්නයේදී හතමුණ හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දිසාවෙන් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු, පසුපැදිකරු හා අනෙක් යතුරුපැදියේ පැදිකාරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකාරිය මියගොස් ඇත.

මරණකාරිය වයස අවුරුදු 59ක් වූ ඇතුමල්පිටිය, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *