BREAKING NEWS
Search

ඒ සිහිනය සැබෑවක් වේවිද..? ගුරු සේවයට පිවිසෙන්න, හීන මැවූ ඔබට මෙන්න සුබ ආරංචියක්…

643

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගුරු සේවයට පිවිසෙන්න, හීන මැවූ ඔබට මේක නම් සුබ ආරංචියක් වෙයි.
දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ජාතික පාසල්වල පුරප්පාඩු 1,501 ක් ඇති බවත්, පළාත් පාසල් ලෙස බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630 ක්, දකුණ 2,513 ක්, මධ්‍යම 6,318 ක්, වයඹ 2,990 ක්, ඌව 2,780 ක්, උතුරු මැද 1,568 ක්, නැගෙනහිර 6,613 ක්, සබරගමුව 3,994 ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271 ක් වාර්තා වී ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කළේ.

මේ ‍‍පුරප්පාඩු සඳහා පසුගිය 2024 ජූලි 28 වන දින සිට බඳවා ගැනීම් සිදුකර ඇති බවද, එහිදී ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩ භාර නොගත් උපාධිධාරීන් 353 ක් ඉදිරි මාස 02 ක කාලය තුළ බඳවා ගැනීමට නියමිත බවද අගමැතිවරිය ප්‍රකාශ කළා.

මීට අමතරව ගුරු සේවයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර, එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්නා බවයි අගමැතිවරිය පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *