BREAKING NEWS
Search

බීමත් රියැදුරු රතිඤ්ඤා දල්වමින් සිටි තරුණයන් යට කර පලා ගිහින්

161

තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටි තරුණයන් දෙදෙනකු යට කර පලා ගොස් සැඟව සිටි බොලරෝ ලොරි රථයේ රියැදුරු ඊයේ (20 දා) සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

ඊයේ (20 දා) අලුයම 12:30 ට පමණ අනතුරින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටියදී නගර මධ්‍යයෙන් අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය තරුණයන් දෙදෙනා යට කර පලාගොස් සැකකාර රියැදුරු තලවකැලේ ග්‍රෙඩ් වෙස්ටන් වතුයායේ නිවසේ සැඟව සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. සැකකාර රියැදුරු අධික ලෙස බීමත්ව සිටි බව පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.

අනතුරින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා බරපතළ තුවල සහිතව ලිදුල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුර පිළිබඳ තලවකැලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නුවරඑලිය – නාලක රත්නායක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *