BREAKING NEWS
Search

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට

310

ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් පමණ ළඟ තබා ගැනීම හේතුවෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

දැරණියගල, කුඹුරුගම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සඳහා ගබඩා කර තිබූ ජල මාපක 477ක් සහ තවත් උපාංග සොරකම් කිරීම පිළිබඳව පසු ගිය මාර්තු 30 වන දින දැරණියගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ.

එම පැමිණිල්ලට අනුව, දැරණියගල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පසුව මෙම ගබඩාව භාරව සිටී ලිපිකරුවෙකු, රියැදුරෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, තවදුරටත් සිදු කළ විමර්ශන වලදී ජල මාපක 98ක් පමණ දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සතුව තිබී සොයාගෙන ඇති අතර ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් මෙම දේපළ පොදු දේපළ ලෙස සැලකෙන බැවින් පොදු දේපළ පනතේ ප්‍රතිපාදන යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (අප්‍රේල් 17) දින සැකකරු අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *