Search

දුම්රිය දෙකක් අවලංගු කෙරේ

127

අද (19) දින ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදුවූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

ඒ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ අද දින සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙනි.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත ව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගු කර තිබේ.

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය  ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගය ආසන්නේ සුළු නායයෑම් තත්ත්වයක් හට ගෙන ඇති අතර ඒ හේතුවෙන් මෙම පීලීපැනීම සිදුව ඇති බවට වාර්තා වෙයි.

දුම්රියේ එක් මැදිරියක් පිලී පැනීමට ලක්ව ඇති අතර එය පීලීගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *