නුවරඑළිය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයකට සහභාගී වී සිටි පුද්ගලයින් 24 දෙනෙකු නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කර ඇති බවය.
අත්අඩංගුවට ගත් පිරිස පන්නිපිටිය සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




















