BREAKING NEWS
Search

කිරි බවුසරයේ ස්කූටිය ගැටී 22 හැවිරිදි තරුණයා අවසන් ගමන් යයි

366

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මැදවච්චිය, මන්නාරම් මාර්ගයේ සියඹලාගස්කඩ ප්‍රදේශයේදී රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මැදවච්චිය පොලිසිය පැවැසීය.

රාත්‍රී 7.30 ට පමණ මන්නාරම දෙස සිට මැදවච්චිය දෙසට ගමන්ගත් දියර කිරි පැටවූ බවුසරයේ, මැදවච්චිය සිට මන්නාරම දෙසට ගමන්ගත් ස්කූටර් වර්ගයේ යතුරුපැදිය ගැටී එම මාරක අනතුර සිදුව ඇත.

එම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් ඩබ්.එම්. සයුර නිමේෂණ ප්‍රභාත් වික්‍රමසිංහ නැමැති (අවු.22) තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර යතුරුපැදියේ පසුපස ගමන් ගත් මියගිය තරුණයාගේ කිරිඅම්මා වන පිනාගේ සුරතලි (අවු.58) යන අය බරපතළ තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇත.

මෙම කිරි ප්‍රවාහනය කළ ලොරිය අනතුරින් පෙරළී ඇති අතර එයට යටවී මෙම තරුණයා කිරි වලින් නැහැවී ඇත.

ලොරි රථයේ රියැදුරු වන නො. 33, තලම්මැහැර, පන්නල ලිපිනයේ පදිංචි හක්මිණි ආරච්චිලාගේ ධනංජය සිල්වා යන අය මැදවච්චිය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ දේහය මැදවච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.

ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මැදවච්චිය පොලිසිය සිදු කරයි.

මැදවච්චිය – ගයාන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *