මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක්…

3990

දීපවාලි දිනයේදී උතුරු පළාතේ සියලුම මත්පැන් අලෙවිසැල් වසා දැමීමට තීරණය කර ඇති බව පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

මෙම තීරණය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් දිසාපතිවරුන්ට දැනුම් දී ඇති බව ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

දීපවාලි දිනයේදී මත්පැන් අලෙවිසැල් වසා දැමීමට පියවර ගන්නා ලෙස හින්දු ආගමික සංවිධාන කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *