සෙව්වන්දිට පෙම් බැන්දාද ? නාමල්ගෙන් ප්‍රකාශයක්

410

අද (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසූවේ තමා සෙව්වන්දිට පෙම් බැන්දේ නැති බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමා පෙම් බැන්දේ ලිමිණිට පමනක් බවත් තමාට දරුවන් දෙදෙනෙකු සිටින බවත්ය.

මාධ්‍යවේදීන් විසින් මන්ත්‍රීවරයාගෙන් සෙව්වන්දියකට පෙම්බැන්දේ ද යන්න විමසූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඊට අමතරව පාතාලය සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මෙහිදී අදහස් ප්‍රකාශ කළා.

“පාතාලයට සම්බන්ධ පිරිස් පිළිබඳව පොලිසිය සොයාබැලිය යුතුයි එය පොලිසියේ වගකීමක්. නමුත් පාතාලයට සම්බන්ධ පිරිස් රටෙන් පිටවීම සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමු කළ යුතුයි. පොලිසිය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා, පාස්පෝට් දාහතක් හොරාට හදාගෙන කට්ටියක් පිට රට ගිය බව.

පොලිසිය භාර නියෝජ්‍ය ඇමතිතුමා කිව්වේ ලේකම් කෙනෙක් පාස්පෝට් දාහතක් හොරාට හදාගෙන ගිහිල්ලා කියලා. එතකොට කවුද මේ ලේකම්?

කවුද පොලිසිය භාර ඇමතිතුමාට මේ තොරතුරු දුන්නේ. එතකොට පොලිසිය භාර ඇමතිතුමාට වගකීමක් තියෙනවා වහාම මේ පිළිබඳව රටට හෙළි කරන්න.

මේ ගිය පිරිස අය අතරත් පාතාලයේ කට්ටිය ඉන්න ඇති. ඒ නිසා පොලිසිය භාර නියෝජ්‍ය ඇමතිතුමා මේ ගැන අවධානය යොමු කරන්න ඕන.

ඊට අමතරව කන්ටේනර් 323 පැන්නූ විදියට පාතාලයේ කට්ටියකුත් පිටරට පැන්නුවාද යන ප්‍රශ්නය මේ අවස්ථාවේදී මතු වෙනවා.

මේ ආණ්ඩුව අද කරන්නේ ඔවුන් පොකට් ගහලා රාජපක්ෂවරුන්ගේ පස්සේ පන්නන එක. මේ ආණ්ඩුවේ පොකට් ගහන අය ගැන ඉදිරියේදී රටත් සමාජයත් දැනගනීවි.

අධිකරණ නියෝග පිළිගන්න එපැයි කියන මට්ටමට ආණ්ඩුවේ සමහරුන් අද පත්වෙලා ඉන්නවා. ඒකෙන්ම පේනවා, සිස්ටම් චේන්ජ් එක නම් හොඳටම වෙලා තියෙනවා “කියලා යනුවෙන්ද නාමල් රාජපක්ෂ වැරදුරටත් ප්‍රකාශ කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *