BREAKING NEWS
Search

ඉෂාරාගේ පාපොච්චාරණයෙන් තවත් පහක් අල්ලයි

185

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට නවාතැන් ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සිව්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම කොස්තාපල්වරයා අලුත්ගම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිට ඇති අතර , සෙව්වන්දිට වැලිපැන්න ප්‍රදේශයේ නිවසෙ නවාතැන් දුන් කොස්තාපල්වරයාගේ බිරිඳගේ මව, දොඩංගොඩ නිවසේ නවාතැන් දුන් පුද්ගලයා සහ මිද්දෙණිය නිවසේ කාන්තාව ද එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

සැකකාරිය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් බවයි.

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව පද්මේ විසින් තමන්ට හඳුන්වාදුන් බවද ඉෂාරා විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොහොම හරි ඌව අන්දගෙන ඌ ලවා වැඩේ කරගන්නා ලෙස  කෙහෙල් බද්දරපද්මේ පැවසූ බවට ද ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

කෙහෙල්බද්දර පද්මේ සමග පැවැති හිතවත්කම හේතුවෙන් මෙම ඝාතන සිද්ධියට කිසිඳු මුදලක් ඔහුගෙන් ලබානොගත් බවට ඇය විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගණේමුල්ල සංජීව ඝාතනය වූ පෙබරවාරි (19) දිනම රාත්‍රියේ වැලිපැන්න ප්‍රදේශයේ නිවසක රැය පහන් කළ බවත්, ඊට පසු දින කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයකු වන මතුගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකුට අයත් දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මාස එකහමාරක කාලයක් රැඳී සිටි බවත් ඇය ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි .

එම නිවසේ සිට අප්‍රේල් 13 වනදා දොඩංගොඩ සිට මිද්දෙණිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි නිවස ගොස් ඇති බවද ආරංචි මාර්ග පවසයි .

අලුත් අවුරුදු සමය බැවින් පොලිස් නිලධාරීන් අවුරුදු රාජකාරීවල යෙදී සිටි නිසා එම දිනය යොදා ගත් බවට ද ඇය ප්‍රකාශ කර ඇත.

මිද්දෙනණිය නිවසේ රැඳී සිටි ඇය පළාත් පාලන මැතිවරණ දින වු මැයි 6 වන යාපනය බලා ගොස් ඇති බවයි පොලිසිය පැවසීය.

එම දිනය තොරාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් අදාළ දිනයේදී ඡන්ද රාජකාරීවල යෙදී සිටි නිසා බවට ද ඇය ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *