BREAKING NEWS
Search

ඉෂාරා සමග මතුගමට ගිය ගමන ගැන සියල්ල හෙළි කරයි

668
මේ වනවිටත් ඔවුන් ගැන ඇසෙන ඒ ආරංචිය මොකක්ද කියලා දන්නවාද? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.
නේපාලයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 6 දෙනා සම්බන්ධයෙන් පැය 72 ක රැඳවුම් නියෝග මත පොලිසිය මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දි වැඩිදුර විමර්ශන සඳහා ඇය සැඟව සිටි මතුගම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර, එහිදීද කරුණු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්වුණා.

නේපාලයේ භක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සැකකරුවන් හයදෙනාගෙන් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් මේ වන විට රඳවා සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේයි.

ඔවුන් සම්බන්ධයෙන් පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග ගත් පොලිසිය ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය කරන ලද එම ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා තිබුණේ ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු මතුගම ප්‍රදේශයට පළා ගොස් මාසයක පමණ කාලයක් එහි රැඳී සිටි බවයි.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දි ඊයේ දිනයේදී මතුගම ප්‍රදේශයට රැගෙන ගොස් තිබු අතර, එහිදි ඇය සැඟව සිටි බව කියන ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන සිදුකර තිබෙනවා.

එමෙන්ම ඇයට සැඟව සිටීමට සහාය දැක්වු පුද්ගලයින් සම්බන්ධයෙන් ද පොලිසිය අවධානය යොමු කළ අතර, ඔවුන් ඉදිරියේදි අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පැවසුවේ කෙහෙල්බද්දර පද්මේගේ හිතවතෙක් වන මතුගම ශාන් විසින් පද්මේගේ උපදෙස් මත ඇයට සැඟව සිටිමට සහාය දී තිබු බව අනාවරණ වි ඇති බවයි.

ඉෂාරා සෙව්වන්දි මතුගම ප්‍රදේශයේ සැඟව සිටින බවට පොලිසියට පසුගිය පෙබරවාරි මාසයේදී තොරතුරක් ලැබි තිබු අතර, එම මාසයේ 25 වැනිදා පොලිසිය අදාළ නිවස පරීක්ෂාවට ද ලක්කළා.

කෙසේ වෙතත් ඉෂාරා සෙව්වන්දි පවසා ඇත්තේ ඒ වන විට තමන් මතුගමින් මිද්දෙණිය ප්‍රදේශයට පළා ගොස් තිබු බවයි.

පසුව යාපනයට ගොස් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළා ගිය බවත්, එම කාලය පළාත් පාලන ඡන්ද කාලසීමාව වු බැවින් තමන්ට යාපනයට ගොස් ඉන්දියාවට පළා යෑමට පහසු වු බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඇය සැඟව සිටි බව පැවසෙන සෙසු ස්ථාන සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මේ අතර, ඉෂාරා සෙව්වන්දි අදත් විමර්ශන සඳහා පිටතට රැගෙන ගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *