BREAKING NEWS
Search

AI තාක්ෂණ නිසා සිසුවියන් තිදෙනකුට අත්වූ ඉරණම – විදුහල්පතිත් අත්අඩංගුවට

1827
කෘත්‍රිම බුද්ධිය අද වෙනකොට බොහෝ දෙනෙක් ඒ ගැන කතා වෙනවා.

ඒ සමාජමාධ්‍ය තුළ සැරිසරන ඇතැම් වීඩියෝ නිසා කියලා කියන්න පුළුවන්. මේ අන්න ඒ වගේ තවත්  එක් කතාවක්.

මේ නිසා අපහසුතාවට පත්වෙලා තියෙන්නේ කවුද කියලා දන්නවාද? නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් තිදෙනකුගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධි යොදාගනිමින් නිරුවත් ඡායාරූප බවට පත්කළ සිද්ධියකට සම්බන්ධව මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.

මේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුවකු සහ එම වරදට ආධාර අනුබලදීමේ චෝදනා ලැබූ විදුහල්පතිවරයකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණ බවටයි වාර්තා වෙන්නේ. මෙසේ ඇප මත මුදා හැර ඇත්තේ දයානන්ද ජයසුන්දර නමැති විදුහල්පතිවරයා සහ එම පාසලේම ඉගෙනුම ලබන සිසුවෙක්.

සැකකාර පාසල් සිසුවා අවුරුදු 14 සහ 15 වියේ පසුවන සිසුවියන් තිදෙනකුගේ ස්වභාවික ඡායාරූප ලබාගෙන AI තාක්ෂණයෙන් ඒවා විකෘති කර තම ස්මාර්ට් දුරකථනයේ ගබඩා කරගෙන සිට ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබුනා.

දෙවැනි සැකකරු වන විදුහල්පතිවරයා මෙම නිරුවත් ඡායාරූප සහිත ජංගම දුරකථනය තම භාරයට ගෙන සිද්ධිය පොලිසියට දැනුම් නොදී සමථයකට පත් කිරීමට උත්සාහ කර මාසයකට අධික කාලයක් දුරකථනය නීති විරෝධීව සන්තකයේ තබාගෙන සිට ඇති බවද අධිකරණය හමුවේදී හෙළිදරව් වුණා.

තවද, ලබන 23 වැනිදා නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි පෙනී සිටින ලෙසට සැකකරුවන් දෙදෙනාටම නියෝග කර තිබෙනවා. මේ අතර, නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *