BREAKING NEWS
Search

මාධවීට විරුද්ධව රුපියල් මිලියන සියයක එන්තරවාසියක්.

1087

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මාධවීට විරුද්ධව රුපියල් මිලියන සියයක එන්තරවාසියක්.
මාධවී වත්සලා ඇන්තනී යන අය විසින් සිය ෆේස්බුක් පිටුවේ සිදුකල පලකිරීමකින් තමාට සිදුකල අපහාසය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ඉල්ලමින් සන්ජය බණ්ඩාර යන අය විසින් ඔහුගේ නීතිඥවරුන් හරහා එන්තරවාසි යවා තිබේ.
2025 ඔක්තෝම්බර් 06 වෙනිදා මාධවී වත්සලා ඇන්තනී විසින් සිය ෆේස්බුක් ගිණුම භාවිතා කරමින් කරමින් , සන්ජය බණ්ඩාර යනු අමාණුෂික දේශපාලන අන්තවාදියෙක් හා ළමා අපයෝජකයකු බවත් ඒ පදනමින් ඔහුගේ ෆේස්බුක් ගිණුම වාර්තාකරන (report) ලෙසත් දන්වමින් ඔහුගේ ගිනුමේ ඡායාරූපයක් සහිතව පලකිරීමක් සිදු කර ඇත.
එම පදනම් විරහිත, අසත්ය, නොමගයවනසුළු සහ අපහාසාත්මක ප්රකාශය හේතුකොටගෙන සන්ජය බණ්ඩාර සහ ඔහුගේ පවුලේ අය දැඩි මානසික පීඩාව සහ කම්පනයකට මුහුණ දුන් බවත් එමගින් ඔහුගේ කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රු මිලියන 100 ක මුදලක් දින 7 ක් තුල ගෙවීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකලහොත් නඩු පවරා එකී මුදල නඩු ගාස්තුද සහිතව අයකරගැනීමට කටයුතු කරන බවත් එයින් දන්වා තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *