BREAKING NEWS
Search

නැවෙන් වෙච්ච හානිය හොයන්න පරිසර අමාත්‍යංශයට බලතල නැහැලු

136

වෙරළ සංරක්ෂණයට අදාළ ආයතන දෙකක් පරිසර අමාත්‍යාංශයෙන් නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතට පැවරීම නිසා ගිනිගත් එක්ස්ප‍්‍රස් පර්ල් නැවෙන් සිදුව ඇති පරිසර හානිය පිළිබඳව විමර්ශනය කිරීමට පරිසර අමාත්‍යාංශයට බලතල නැතැයි එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරිසර අමාත්‍යාංශයෙන් ඉවත්කර ඇති බවත් පවතින්නේ මධ්‍යම පරිසර අධිකාරිය පමණක් බවත් එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

එසේම නැවෙන් සිදුව ඇති පරිසර හානිය සම්බන්ධව නිසි විමර්ශනයක් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ශී‍්‍ර ලංකාව සතුව ඇත්තේ සීමාසහිත ප‍්‍රමාණයක් බවත් ඒ නිසා ඕස්ටේ‍්‍රලියා වැනි රටක සහාය මේ සඳහා ලබා ගැනීමට පියවර ගත යුතු බවත් එම ප‍්‍රකාශකයා පැවසීය.

එසේ නොවුණහොත් මෙම නැවෙන් සිදුව ඇති හානිය නිසි ලෙස තක්සේරු කිරීමට නොහැකි වීම නිසා අදාළ වන්දි ලබා ගැනීමේදී ශී‍්‍ර ලංකාවට අවාසියක් සිදුවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

Courtesy – SundayDivaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *