BREAKING NEWS
Search

පොලිස් පොඩ්ඩට මාරුවක්

370

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාන් මහතාට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

මීට හේතුව වී ඇත්තේ, ගල්කිස්ස අධිකරණයේ රාජකාරී කටයුතු අතරතුරදී ඇති වූ ගැටලුකාරී සිද්ධියකින් පසුව, එම අධිකරණ මුරපොළේ සේවය තවදුරටත් කරගෙන යාමට නොහැකි බවට අදාළ නිලධාරියා ඉහළ නිලධාරීන්ට දැනුම් දීමයි.

නීතිඥවරයකු සමග ඇති වූ සිද්ධිය හේතුවෙන් ඇති වූ අපහසුතාව මත, පොලිස් නිලධාරී තරින්ද දිල්හාන් මහතා වෙනත් සේවා ස්ථානයකට මාරුකර යවන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

මෙම නිලධාරියා ස්ථාන මාරුවකට කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව, පොලිස් මූලස්ථානය විසින් ඔහුට පිළියන්දල පොලිසියට මාරුවීමක් ලබාදී ඇත.

ත පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ ද ගල්කිස්ස අධිකරණයේම ලිපිකාර සේවයේ නියුක්තව සිටින බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *