BREAKING NEWS
Search

විදුලි බිල වැඩි නොවුනේ අපි නිසා

37

විදුලි බිල වැඩි කිරීම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ආණ්ඩුව සහ විදුලිබල මණ්ඩලය අයි.එම්.එෆ් උපදෙස් සහ කොන්දේසි වලට අනුව 6.8%කින් විදුලිබිල වැඩි කරන්න ගිය අවස්ථාවේ  තමා ඇතුළු සජබය රට වටේ ගොස් විදුලි බිල වැඩි කළොත් මහ පාරට බහිනවා යැයි කියූ නිසා  ආණ්ඩුවේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බව විපක්ෂ නායකවරයා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ  මහනුවරදී පැවැති  හමුවකදී ය.

විපක්ෂයේ කාර්යභාරය වන්නේ තරු පහේ හෝටල්වල සිට සාකච්ඡා කිරීම නොව ජනතාව වෙනුවෙන් සැබෑ වගකීම ඉටු කිරිම බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *