BREAKING NEWS
Search

දිගටම මිනිස්සු රැවටුවොත් දේශපාලකයා අනතුරේ

52

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජනතාව මෙලෙස නිකරුනේ දිගටම රැවටුවොත් දේශපාලකයාට ආරක්ෂාවක් නැතිව යනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

මහජනයා තවදුරටත් රැවටුවොත් අමාරුවේ වැටෙන්නේ තමාම බව දේශපාලකයන් තේරුම් ගත යුතුව ඇතැයිද අබේවර්ධන  මහතා සඳහන් කළේය.

“රට විවිධ අවස්ථා වල වැරදි පාරේ ගමන් කර තියෙනවා.ඒ කියන්නේ ඡන්ද දායකයන්ට දිගින් දිගටම බොරු ඉදිරිපත් කරමින් ජනතාව ඒවා ගැන බලාපොරොත්තු තබා ගනිමින් කටයුතු කර තිබෙනවා.2000 වසරේදී මේ රට කඩා වැටී වසරක් ඇතුළත මැතිවරණයක් පවත්වන්නට සිදුවූයේ ඒ නිසයි.

2014 වසරේදීත් මේ රට කඩා වැටුණේ ඒ නිසයි.දේශපාලන පක්ෂ මින් පසු ආර්ථිකය ගැන හෝ වෙන යම් දේවල් ගැන වැරදි බලාපොරොත්තු ලබාදීමෙන් වැළකිය යුතුයි.ජනතාව මෙලෙස නිකරුනේ දිගටම රැවටුවොත් දේශපාලකයාට ආරක්ෂාවක් නැතිව යාවි.අපගේ දේශපාලන පලපුරුද්දට අනුව නම් රට ඉතා භයානක නරක තැනකට ගමන් කරමින් සිටිනවා” යනුවෙන්ද අබේවර්ධන මහතා කීය.

අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ලේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *